lan englan tam

“ඕපාදූප යනු හිස් කතාවක් පමණක් නොවේ. එය ඊට වඩා බොහෝ සංකීර්ණයි" පර්යේෂකයන් පවසන දේ මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'ඕපාදූප' ඔබේ ප්‍රතිරූපයට හානි කළ හැකි අතර, ඔබේ හැසිරීම හා පෞරුෂය පිළිබිඹු කරන කැඩපතක් ද විය හැකිය, සමහරු එය විනෝදයක් ලෙස දකින අතර තවත් සමහරු එය වැරදි දෙයක් යැයි විශ්වාස කරනවා.

69241020 5cc1 11f0 b5c5 012c5796682d.jpg

 

නමුත් මෙහි සත්‍යයතාවයක් තිබේ ද? මේ පිළිබඳව පර්යේෂණ සහ විශේෂඥයින්ගේ මතය කුමක්ද?

මානව විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ඕපාදූප නගරවල හෝ ගම්වල වේවා, සෑම සංස්කෘතියකම නිරීක්ෂණය කළ හැකි බවයි.

වොෂින්ටන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පරිණාමීය මානව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ආචාර්ය නිකොල් හසන් හෙස් පවසන්නේ "සෑම සංස්කෘතියකම, හොඳ පරිසරයක් පවතින විට මිනිසුන් ඕපාදූප කියන බවය."

ඕපාදූප යනු සාමාන්‍යයෙන් කෙනෙකු ළඟ නැති විට ඔවුන් ගැන කතා කිරීමයි.

 

8363e190 5cc1 11f0 a40e a1af2950b220.jpg

 

නමුත් ඕපාදූපවල විෂය පථය ඊට වඩා බෙහෙවින් පුළුල් බව ආචාර්ය හෙස් විශ්වාස කරයි. ඔහු එය අර්ථ දක්වන්නේ කෙනෙකුගේ කීර්ති නාමය පිළිබඳ තොරතුරු බෙදා ගන්නා ඕනෑම සංවාදයක් ලෙසය.

මෙයට අපගේ මිතුරන්, පවුලේ අය, සගයන් හෝ අපගේ විරුද්ධවාදීන් පවා අප ගැන පවසන සියලු දේ ඇතුළත් විය හැකි බව ඔවුන් පවසයි.

"මගේ මතය අනුව, ඕපාදූප සෑම විටම තුන්වන පුද්ගලයෙකු නොමැති අවස්ථාවේදී කළ යුතු නැහැ. ඔවුන් ඔබ ඉදිරිපිට ඉන්නවා වෙන්න පුළුවන්. ඔබ ඔවුන්ගේ ඇඳුම් ගැන හෝ ඔවුන් කරන දෙයක් ගැන කතා කරන්නේ නම්, මම තවමත් ඒක ඕපාදූපයක් ලෙස සලකනවා." වෛද්‍ය හෙස් පවසයි.

නමුත් මිනිසුන් තුළ එවැනි හැසිරීම් ඇති වූයේ ඇයි ද යන ප්‍රශ්නය අදටත් පර්යේෂකයන්ට ප්‍රහේලිකාවක් ලෙස පවතී.

ඕපාදූප කීමේ පුරුද්දට හේතු මොනවාදැයි සොයා බලමු.

 

abd01630 5cc1 11f0 a40e a1af2950b220.jpg

 

සමීපභාවයේ මාධ්‍යයක්

ඕපාදූපවලට සමාජය තුළ ධනාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකිය. මෙම අදහස ප්‍රචලිත කරන ලද්දේ පරිණාමීය මානව විද්‍යාඥ රොබින් ඩන්බාර් විසිනි.

ඩන්බාර් මෙය 'ඇලෝග්‍රෑමින්' ලෙස හඳුන්වයි. මිනිසුන් තුළ ඕපාදූප මෙම ඇලෝග්‍රෑමින් හි නවීන ආකාරයක් පවතින බව ඔහු විශ්වාස කරයි. මිනිසුන්ට ඕපාදූප කිව හැකි වන පරිදි භාෂාව පරිණාමය වී ඇති බව ද ඔහු පවසයි.

ඩාර්ට්මත් විශ්වවිද්‍යාලය විසින් 2021 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ එකට ඕපාදූප කියන පුද්ගලයින් එකිනෙකාගේ සිතුවිලි වලට බලපානවා පමණක් නොව සමීප වන බවයි.

 

286a20a0 5cc2 11f0 b5c5 012c5796682d.jpg

 

"සහභාගිවන්නන්ට තමන් අතර සමානකමක් දැනුණු බවත්, එය 'බෙදාගත් යථාර්ථයක්' නිර්මාණය කළ බවත් අපි විශ්වාස කරනවා. මෙය ඔවුන්ගේ හැසිරීම සහ එකිනෙකා පිළිබඳව පවතින දෘෂ්ටිකෝණය වෙනස් කළා පමණක් නෙවෙයි, ඔවුන්ගේ සමාජ සම්බන්ධතා පිළිබඳ හැඟීම ද වර්ධනය කළා," පර්යේෂකයෝ සඳහන් කර තිබේ.

'ඕපාදූප' හරහා කණ්ඩායම් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කළ හැකි බව පර්යේෂණවලින් පෙනී යයි. මිනිසුන්ට ඕපාදූප කිව හැකි විට, කණ්ඩායම් ක්‍රීඩා වලදී මුදල් දීමට ඔවුන් වැඩි කැමැත්තක් දැක්විය.

"ඕපාදූප යනු හිස් කතාවක් පමණක් නොවේ. එය ඊට වඩා බොහෝ සංකීර්ණයි," පර්යේෂකයෝ පවසති.

'Normal Gossip' නමින් ක්‍රියාත්මක පොඩ්කාස්ට් එකක් හරහා එදිනෙදා මිනිසුන්ගේ ඕපාදූප කතා බෙදා ගනියි. හාස්‍යජනක කතාවක් හරහා ආගන්තුකයන්ට එකිනෙකා හා සම්බන්ධ වීමට උපකාරී විය හැකි බව වැඩසටහනේ නිවේදක ශිල්පී කෙල්සි මැකින්නි ​​විශ්වාස කරයි.

කොවිඩ් සමයේදී මිනිසුන් නිරෝධායනයට ලක් වූ විට, එවැනි කතාවල වැදගත්කම තවත් වැඩි විය.

"අපිට ඒක කොච්චර මගහැරිලා තියෙනවද කියලා මම දැක්කා." කෙල්සි කියා සිටියේය.

"අපි කරන දේවල් සහ සවන් දෙන දේවල් ලෝකය ගැන අපගේ දෘෂ්ටිකෝණය හැඩගස්වනවා. මෙහි අවදානමක් තිබෙනවා, නමුත් ඒ තුළ විශාල යහපතක් ද තිබෙනවා." ඔහු විශ්වාස කරයි.

 

'ඕපාදූප' යනු පැවැත්මේ උපාය මාර්ගයේ වැදගත් අංගයක්

වසර මිලියන ගණනක පරිණාමය තුළ, මිනිසුන් තමන් සහ තමන් අවට සිටින අයව සිදුවිය හැකි අනතුරු වලින් ආරක්ෂා කර ගන්නේ කෙසේදැයි ඉගෙන ගෙන ඇත.

සමහර අයට, ඕපාදූප යනු පැවැත්මේ උපාය මාර්ගයේ වැදගත් අංගයකි, විශේෂයෙන් යමෙකු දුෂ්කර තත්වයකට මුහුණ දෙන විට දී එය එසේ වේ.

අපගේ ජීවිත සහ සමාජය තුළ අපට ඇති තැන බොහෝ දුරට අපගේ කීර්ති නාමය මත රඳා පවතී.

ආචාර්ය හෙස් පවසන්නේ අපහාසයට ලක්වීම මගින් බරපතල බලපෑම් ඇති කළ හැකි බවයි. එය ඔබේ කීර්ති නාමයට හානි කළ හැකි අතර, ඔබේ ආදායම අඩු කළ හැකි අතර, ආහාර වැනි මූලික දේවල් ලබා ගැනීම පවා දුෂ්කර කළ හැකිය.

"ඒකයි ඍණාත්මක ඕපාදූප වලින් ඔබව වේදනාවට පත් කරන්න පුළුවන්," ඇය පවසයි.

ඕපාදූප යනු සමාජ පාලනයේ එක් ආකාරයක් බව ආචාර්ය හෙස් විශ්වාස කරයි. මිනිසුන් එය භාවිතා කරන්නේ ඔවුන්ගේ සමාජ තත්ත්වය පවත්වා ගැනීමට හෝ වැඩිදියුණු කිරීමට ය.

අන් අය තමන්ව දකින ආකාරය හැඩගැස්වීමට සහ එකිනෙකාට බලපෑම් කිරීමට මිනිසුන් විසින් ඕපාදූප භාවිතා කරයි.

ඇය පවසන්නේ මිනිසුන් තම කීර්ති නාමය ආරක්ෂා කර ගැනීමටත් සමහර විට තම විරුද්ධවාදීන්ට රිදවීමටත් ඕපාදූප කතාකරන බවයි.

"මිනිස්සු හැමවෙලේ ම තමන් වගේ අය එක්ක තරග කරනවා,මේ තරගය මොන වෙලාවක වත් නතර වෙන්නේ නැහැ." ඇය පෙන්වා දෙයි.

 

a361c5b0 5cc2 11f0 a40e a1af2950b220.jpg 

'ඕපාදූප' යනු විනෝදාස්වාදය සඳහා මාර්ගයක්

බොහෝ අය ඕපාදූප දකින්නේ කුඩා හා විනෝදජනක දෙයක් ලෙසයි.

"ඒ වගේ ඕපාදූප ගැන තමයි මම අවධානය යොමු කරන්නේ" යැයි පොඩ්කාස්ට් නිවේදක මැකින්නි ​​පවසයි.

ඕපාදූප සඳහා ඇයගේ ඇල්ම සහ කතන්දර කීමට ඇති ඇගේ ආශාව, ඕපාදූප කීම පාපයක් බව ඇයට ඉගැන්වූ ආගමික පරිසරයක හැදී වැඩුණු ඇගේ අත්දැකීම් සමඟ සම්බන්ධ වේ.

"හොඳ ඕපාදූප යනු ඔබේ මුඛයෙන් වහා ම පිට වී වෙනත් කෙනෙකුට පවසන වර්ගය යි," ඇය පවසයි.

ලෝකයේ ඕපාදූප නොතිබුණා නම්? "අනේ දෙවියනේ! එහෙනම් ලෝකය හරිම කම්මැලි වෙයි." ඇය සිනාසෙමින් පැවසුවාය.

විනෝදාස්වාදය සඳහා වේවා, පැවැත්මේ උපාය මාර්ගයක් වේවා, මිනිසුන් සමඟ සම්බන්ධ වීමට මාර්ගයක් වේවා, ඕපාදූප දැන් අපගේ ජීවිතයේ ස්ථිර කොටසක් බවට පත්ව ඇත.

මෙය නොසලකා හැරිය යුතු "සාමාන්‍ය මිනිස් හැසිරීමක්" බව වෛද්‍ය හෙස් පවසයි.

"ඕපාදූප ඇත්තට ම බලපෑමක් ඇති කරනවා. ඒවා හුදෙක් ගොතන ලද, අසත්‍ය හෝ අහඹු නම්, එය තමන්ගේ ප්‍රජාව තුළ කාට උදව් කළ යුතු ද සහ නොකළ යුතු ද යන්න තීරණය නොකරන බව" ඇය පැහැදිලි කරනු ලැබුවා.

 

අතිරේක වාර්තාකරණය - බීබීසී ලෝක සේවය

(මෙම ලිපිය BBC News සිංහල වෙබ් අඩවිය ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

shungara

Back to top
Go to bottom