මෑතකදී සමාජ ජාලවල බෙහෙවින් අවධානයට ලක් වූ ලංකාවේ ගුරුකුලයකින් පැවත එන එකම නර්තන මහාචාර්යවරිය වෛද්‍යවතී රාජපක්ෂ පසුගිය දිනක 'නිලමේ' යූටියුබ් නාලිකාව සමග සාකච්ඡාවකට සහභාගීව සිටියාය.
ශ්‍රී ලංකාවේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සහ තවත් විශ්ව විද්‍යාල ගණනාවක ආචාර්යවරියක ලෙස කටයුතු කර ඇති වෛද්‍යවතී රාජපක්ෂ මහාචාර්යවරිය මේ වන විට මහනුවර ශ්‍රී දලදා මාලිගාවට අයත්ව පිහිටුවනු ලැබූ සීබා විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ට සිය දැනුම ලබා දෙමින් හිඳින්නීය.
එම විශ්ව විද්‍යාලයේ පර්යේෂණයක් සඳහා පැවති කොහොඹා කංකාරි ශාන්ති කර්මයේ උත්කර්ෂවත් අවස්ථාවකදී තමන්ද ඉතා උත්කර්ෂයට පත් වූ බව මහාචාර්යවරිය එහිදී ප්‍රකාශ කළ අතර පසුගිය සමයේ ව්‍යාප්ත වූයේ එහිදී ගත් තමන්ගේ වීඩියෝවක් බව ඇය එහිදී සඳහන් කරන්නීය.