lan englan tam

පුවත්

තරිඳුගේ This is not a Pearl චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මාන!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තරිඳු රාමනායකගේ This is not a Pearl, කෙටි සිනමා කෘතිය හොඳම අන්තර්ජාතික නිර්මාණය ලෙස Big Syn සිනමා උළෙලේදී පිදුම් ලබයි.

තරිඳු විසින් අධ්‍යක්ෂණය කරන ලද This is not a Pearl කෙටි චිත්‍රපයට “ජාත්‍යන්තර, පර්යේෂණාත්මක” අංශයේ හොඳම සිනමා කෘතිය ලෙසින් සම්මානයට පාත්‍ර විය. කෙටි නර්තනමය චිත්‍රපටයක් වන මෙම නිර්මාණයට මෙම සම්මානය හිමි වූයේ නොවැම්බර් අට වැනිදා ලන්ඩන් නුවරදී පැවති Big Syn International Film Festival Awards – 2024 සිනමා සම්මාන උළෙලේදීය. මෙම වසරේ උළෙල සඳහා රටවල් 120කින් 500කට අධික සිනමා නිර්මාණ ඉදිරිපත් වී තිබිණි.

Big Syn සිනමා උළෙල යනු තිරසාරත්වය තේමා කරගත් ලොව විශාලතම සිනමා උළෙල වන අතර රටවල් 120ක පුරවැසියන් මිලියනයක් වෙත තිරසාරත්වය පිළිබඳව සංකල්ප ගෙන යාම උළෙලේ අරමුණයි. මෙහිදී සම්භාවනාවට පත් වූ This is not a pearl කෙටි චිත්‍රපටිය නිර්මාණය කොට ඇත්තේ ලංකාවේ සිනමා සිදුවූ දැවැන්තම පරිසර අර්බුදයක් වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීම පදනම් කරගෙනය. එයින් සිදු වූ පරිසර විනාශය පිළිබඳ තමා තුළ ඇති වූ කම්පනය කලා මාධ්‍යයකින් ප්‍රකාශ කිරීමේ අරමුණින් තරිඳු මෙම කෘතිය නිර්මාණය කර ඇත. නර්තනමය ප්‍රකාශනයක් අන්තර්ගත මෙහි රංගනයෙන් දායක වී ඇත්තේ නර්තනය පිළිබඳ පර්යේෂිකාවක වන අමා නෙත්මි විසිනි.

උළෙලේ ජූරිය OSCAR, BAFTA සහ EMMY ආදී උළෙවල සම්මානිත කලාකරුවන් සහ වෙනත් වෘත්තිකයන්ගෙන් සමන්විත විය. එම ජූරිය මෙසේය. Roberta Boscolo (WMO, Climate and Energy Lead, United Nations), Baroness Bennett (House of Lords), Prof. Ioannis Ioannou (London Business School's Sustainability Guru), Christine Choi (Professor, Tisch School of the Arts, New York University), Peggy Rajski (Oscar-winning filmmaker), Elena Andreicheva (OSCAR and BAFTA award-winning filmmaker), Martina Amati (BAFTA award-winning filmmaker), Steve Smith (BAFTA award-winning Director), and Alex Lockwood (BAFTA award-winning filmmaker),

තරිඳු රාමනායක ඉන්දියාවේ කල්කටාහි සත්‍යජිත් රායි සිනමා පාසලේ පූර්ණ ශිෂ්‍යත්වලාභී, පූර්ණ කාලීන ශිෂ්‍යයෙකු ලෙස සිනමාව හදාරා ඇති අතර නිර්මාණ අධ්‍යක්ෂකවරයෙකු ලෙස සහ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන ඔහුගේ නිර්මාණ විවිධ ජාතික සහ ජාත්‍යන්තර සිනමා උළෙලවලදී ඇගයුමට ලක්ව ඇත. මේ වන විට ඔහු සිය පළමු වෘත්තාන්ත සිනමා කෘතියෙහි පූර්ව නිෂ්පාදන කටයුතු සිදු කරමින් සිටී.

Back to top
Go to bottom