ප්‍රවීණ කිතුණු ගත් කතුවරයෙකු සහ ගීත රචකයකු වූ කලාභූෂණ මොරිස් බොල්ලෑගල ස්වර්ගස්ථ වූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) සවස 4.00 දළුගම රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කෙරිණි.
කතෝලික ලේඛකයෙකු සහ සාහිත්‍යවේදියෙකු ලෙස සිය ගම් ප්‍රදේශය මෙන්ම සමස්ත සාහිත්‍යකරණය වෙනුවෙන් ඔහු කළ මෙහෙයන් බොහෝ වන අතර මොරිස් බොල්ලෑගල ශ්‍රී ලංකා කතෝලික ලේඛක හවුලේ මෙන්ම ලෝක කතෝලික හවුලේ හිටපු සභාපතිවරයෙකුද වේ. 'මොක් පුරයේ රන් කිරුළ දැරූ' යනාදී ගීතිකා මෙන්ම නවකතා, කෙටි කතා, ගීත යනාදිය නිර්මාණය කිරීමට ඔහු දුන් අඛණ්ඩ දායකත්වය සුළු එකක් නොවේ.
දේහය ආශිර්වාද ගැන්වීමේ කටයුතු දළුගම සාන්ත ෆ්‍රැන්සිස් සාලෙස් දේවස්ථානයේදී සිදු කෙරුණේ කොළඹ සහායක රදගුරු අති උතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.