කොලිවුඩයේ ජනප්‍රිය නිළි සහ Lady Super Star විරුදාවලි ලත් කුසලතා පිරි නිළි නයන්තාරාගේ ජීවිතය ඇසුරෙන් නිර්මාණය කරන ලද ඇගේ විවාහයේ දර්ශන සියල්ල ඇතුළත් නෙට්ෆ්ලික්ස් චිත්‍රපටය NAYANTHARA - BEYOND THE FAIRYTALE අද (18) එළිදැක්වේ.
පසුගිය දිනවල එහි ඇති දර්ශන සඳහා ඇගේ සිනමා ගමනේ දෙවැනි ඉනිමේ ආරම්භය සනිටුහන් කළ 'නානුම් රව්ඩි තාන්' චිත්‍රපටයේ අධ්යක්ෂ, ජනප්‍රිය නළු ධනුෂ් විසින් නයන්ගෙන් එම චිත්‍රපට ජවනිකා නයන්ගේ අලුත් චිත්‍රපටයට යොදා ගැනීම සම්බන්ධයෙන් මුදල් ඉල්ලා ඇති අතර එම නීත්‍යානුකූල ලියවිල්ල ප්‍රසිද්ධ කරමින් නයන්ද යටහත් නොවන පන්නයේ ලිපියක් පළ කර තිබිණි.
සිනමාව යනු කර්මාන්තයක් වන ඉන්දියාවේ මෙම ව්‍යාපාරික තරඟ සහ කුලල් කාගැනීම් කෙබඳු වුවත් නිළියක ලෙස නයන්තාරා මෙම චිත්‍රපටය එළිදක්වන්නේ දෙමළ කොලිවුඩ් සිනමාවට පිටතින් ආ නිළියකව වර්තමානයේ ඉතා ඉහළින් වැජඹෙමින් සිටීමේ අගයද සහිතවය.
එහිදී මලයාලම් සිනමාව හෙවත් මොලිවුඩයේ සහාය සහ ආශිර්වාදය නයන්ට බෙහෙවින් හිමි වනු දක්නට ලැබේ.
ඒ අනුව දෙදරු මවකව සිටියදී පවා නයන් සිය සිනමා ජීවිතයේ තවත් පිම්මක් පැන අවසන්ය.