ඩිජිටල් සත්කාරයෙන් ප්‍රතිෂ්ඨාපනය කරන ලද ඩී. බී. නිහාල්සිංහ මහතාගේ “වැලිකතර” චිත්‍රපටය අප්‍රේල් මාසයේ සිට නැවත ප්‍රදර්ශනය කිරීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව එහි මංගල දර්ශනය ඊයේ 4 දිනයේ සවස කතානායක කරු ජයසූරිය සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක,යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය ලෙස වාර්තා පොතට එක්වූ 'වැලිකතර' මෙදින ඩිජිටල් සත්කාරයෙන් ප්‍රතිෂ්ඨාපනය කරන ලද මුල්ම සිනමා පටය ලෙස වාර්තාපොතට එක්වෙයි.
ස්වාධීන රූපවාහිනී සේවයේ සහ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති, සමන් අතාවුදහෙට්ටි, ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ, ප්‍රේම් දිසානායක සහ ප්‍රවීණ සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ මහත්වරුන්ගෙන් සැදුම් ලත් 'ෆෝ ඉන් වන්' සංසදය 'වැලිකතර' සිනමා පටය නැවත ප්‍රදර්ශනය කිරීමේ කාර්යයට මූලිකත්වය දෙනු ලැබිය.
ඡායාරුප - දෙනුවන් බංඩාර
https://casite-737679.cloudaccess.net/news/1014-2017-04-05-09-08-35#sigProId19fb90988f