lan englan tam

පුවත්

දශක පහක් කළු-සුදු සිනමාවේ වීරයාට අවුරුදු 74ක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කළු සුදු සිනමාවේ සිට වර්ණ ඩිජිටල් සිනමාව දක්වා දශක පහක් තිස්සේ වීරයාගේ චරිතයට පණ පෙවූ මා දන්නා ලෝකයේ එකම නළුවා රජිනිකාන්ත් හට ඊයේ(12) දිනට වයස අවුරුදු 74 සම්පූර්ණ උනා...

1975 වසරේ පටන් අද දක්වා ඔහු සිනමාවේ වීරයාගේ චරිතයට පණ පොවද්දී ඔහුගේ සමහර සමකාලීනයන් මේ වන විට සිනමාවෙන් සමු අරගෙන අවසානයි....
ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් වූ අමිතාබ් බච්චන් පවා අවසානයේ ඔහුගේ චිත්‍රපටයක සහය චරිතයක් කරන තැනට පැමිණ තිබෙනවා...
කළු සුදු සිනමාවෙන් ගමන් ආරම්භ කල දමිලයෙකු නොවූ දමිල සිනමාවේ කිරුළු නොපලන් රජු වූ රජිනි අදටත් කොලිවුඩ් , ටොලිවුඩ් , බොලිවුඩ් සියළුම නවීන ජනප්‍රිය නළුවන් සමග කරට කර තියුණු තරගයක යෙදී සිටිනවා....
මේ වසරේදීත් රජිනිගේ චිත්‍රපටයක් නිකුත් කරන දිනයන් පිලිබදව දකුණු ඉන්දීය ප්‍රාන්ත පහ තුල සියළුම චිත්‍රපට බෙදා හරින්නන් විමසිලිමත් වන්නේ ඔහුගේ චිත්‍රපටයක් සමග ගැටීමට යාමෙන් තමන්ගේ සිනමා නිර්මාණයට වන හානිය අවම කර ගැනීමටයි....
එම් ජී රාමචන්ද්‍රන් , දිලිප් කුමාර් , සුනිල් දත් , දේව් ආනන්ද් වැනි පැහැපත් සමක් සහිත රංගධරයන් විසින් ආධිපත්‍යය දැරූ ඉන්දීය සිනමාවේ විශාල පදාසයක් සිය ආධිපත්‍යයට නතු කරගත් පලමු කාල වර්ණ නළුවා ඔහුයි....
රජිනිකාන්ත් කිසි කලෙක ඔහුගේ සමේ පැහැය වෙනස් කර ගැනීමේ උත්සහයක නිරත වූයේ නෑ......
" අපූර්ව රාගංගල් " චිත්‍රපටයේ සිට මේ දක්වා දමිල , තෙලිගු , කන්නඩ , හින්දි , ඉංග්‍රිසි භාෂා ගණනාවකින් රංගනයට දායක වූ චිත්‍රපට සංඛ්‍යාව 170 කට ආසන්නයි...
තවත් වසර කීපයක් යන තුරු මේ කාලවර්ණ වයස් ගත පුද්ගලයාගෙන් ඉන්දීය සිනමාවට එල්ල වෙන බලපෑම අති දැවැන්ත බව පෙනෙන්නට තිබෙන කාරණයක්.

පන්සිළු දිනිත්

Back to top
Go to bottom