lan englan tam

පුවත්

අද 'විෂම සම'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අන්තර්ජාතික මානව හිමිකම් දිනය නිමිත්තෙන්, සමානාත්මතාවය සහ මානව ගරුත්වය සැමරීම උදෙසා "BRIDGE TO EQUALITY" ව්‍යාපෘතිය මගින් අභිමානයෙන් ඉදිරිපත් කරනු ලබන "විෂම සම" වේදිකා නාට්‍ය නැරඹීමේ අවස්ථාව උදා කර දී තිබේ.

අද (18) බදාදා සවස 6:30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී නාට්‍යය වේදිකාගත කෙරේ.
සම, බහු සහ සංක්‍රාන්ති ලිංගික ප්‍ර‍ජාව වෙනුවෙන් පෙනී සිටින Diversity and Solidarity Trust, Young Out Here Sri Lanka සහ National Transgender Network Sri Lanka (NTN) යන ප්‍ර‍ධාන සංවිධාන සමඟ ජා‍ත්‍යන්තර නීතිඥ මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරන සහයෝගීතාවක් වන මෙම සහයෝගීතාව ශ්‍රී ලංකාවේ ඉහත ලිංගික පදනම් මත ජීවත් වන පුද්ගලයින්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ එම සමාජයට සාධාරණත්වයක් ලබාදීම මූලික අරමුණ කරගත් සංවිධානයකි.
ආන්තීකරණයට ලක්වන ප්‍රජාව වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිම උදෙසා වන හඬ ප්‍රතිරාවය කරනු වස් ඉදිරිපත් කරනු ලබන "විෂම සම" වේදිකා නාට්‍ය නැරඹීමට සංවිධායක මඩුල්ල ප්‍රේක්ෂකයින්ට ආරාධනා කරයි.

Back to top
Go to bottom