සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් රංගනයෙන් දායක වන චිත්‍රපටය 'විශ්ම' මේ දිනවල තිරගත වන යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින චිත්‍රපටයකි.
කුඩා පිරිමි දරුවකු වටා නිර්මාණය වූ කතාවක් රැගත් චිත්‍රපටය එහෙයින්ම ළමුන්ට වඩාත් දැනෙන ලෙස නිර්මාණය වූවක් බව නැරඹූවන්ගේ ප්‍රතිචාර වේ.
සාමාන්‍යයෙන් චිත්‍රපටයක දක්නට ලැබෙන සිනමාත්මක බවට වඩා ඉන් ලැබෙන පණිවුඩය පිළිබඳව අධය්ක්ෂවරරයා සහ තිර රචකයින් අවධානය යොමු කර ඇති බව 'විශ්ම' නැරඹූවකුට පැහැදිලිය.
මව්පිය ආදරය, කරුණාව, බැඳීම ගැන විශේෂයෙන් සලකා 'විශ්ම' නිර්මාණය වී තිබේ.
EAP සිනමාශාලාවල තිරගත වීම සිදු වන 'විශ්ම'හි දිනක්ෂි ප්‍රියසාද් සමග ඔහුගේ සැමියා වන ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර සහ රොෂාන් පිලපිටිය, උමයංගනා වික්‍රමසිංහ ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් ගණනාවක් සිනමා නිර්මාණය සඳහා දායක වී ඇත.
අධ්‍යක්ෂණය, වර්ණ සංයෝජනය සහ සංස්කරණය රන්දික විජේසේන, තිර රචනය සිරාජ් යසීන් සහ රුහුණගේ සඳමාලිගෙනි. නිෂ්පාදනය 2s VENTURES වේ.