lan englan tam

පුවත්

ලංකාවේ මාධ්‍ය ආයතන - චීනය සමග අවබෝධතා ගිවිසුම් කිහිපයකට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ චීන මහජන සමූහාණ්ඩුවේ ආයතන කිහිපයක් අතර ගිවිසුම්වලට එළඹීමේ කටයුතුවලට අදාළව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික ගුවන් විදුලි හා රූපවාහිනී පරිපාලනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා (07) පැවසීය.

සීමාසහිත ලංකාවේ ඇසෝසියේටඩ් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) සහ චීනයේ ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය අතරද ඒ අනුව අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට නියමිතය.
මීට සමගාමීව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ චීනයේ ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය අතර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය අතර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය අතර අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට නියමිතය.
එම කටයුතු පිළිබඳව අමාත්‍යාංශය විසින් ඉදිරියේදී දැනුම් දෙනු ලැබීමට නියමිතය.

Back to top
Go to bottom