lan englan tam

පුවත්

ප්‍රශංසා, විවේචන මැද දින 50 සපුරන චිත්‍රපටය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ රූගත කිරීම් අවසන් කළ 'උත්තරීතර මාතෘත්වයේ ප්‍රතිමූර්තිය - ගෞතම බුද්ධ මාතා' චිත්‍රපටය සාර්ථක 50 වැනි දිනය පසු කරමින් දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය සිදු කරමින් සිටී.

සිනමාහල් 64ක තිරගත වෙමින් මේ වන විට ආදායම් වාර්තා අතරටද එක් වෙමින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබීමට 'ගෞතම බුද්ධ මාතා' සමත් වී ඇත.
දෙසැම්බර් 10 වැනිදා තිරගත වීම ඇරඹූ 'ගෞතම බුද්ධ මාතා' චිත්‍රපටය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 26 වැනි සිනමා නිර්මාණය වේ.
නිෂ්පාදන දායකත්වය තිලංග සුමතිපාල විසින් සිදු කරනු ලැබූ චිත්‍රපටයට පල්ගුණි ඛන්නා, අදිති සිං, තුෂාර් ච්බ්බර්, භිමංෂි ජෛන්, ද මෙරට රංගන ශිල්පීන් වන දිල්හානි එකනායක, අනුරාධ මල්ලවආරච්චි, සම්පත් ජයවීර, ඉඳුවර සූරිය බණ්ඩාර, නෙතු ගම්ලත්, නිලුෂි පවන්‍යා, චනුක ප්‍රබුද්ධ, නිරෝෂන් විජේසිංහ, ජයනි වීරසිංහ, කිම් ඩක් ජෝ, ධනංජය සිරිවර්ධන, ගෙවීන් අභිෂේක්, ප්‍රියංකා සමරවීර, උදයන්ති කුලතුංග, ආශා එදිරිසිංහ, සූර්යා දයාරුවන්, සරලා මිෂෙල් දිල්හාරා, හිරාන් යට්ටෝවිට, කේ.ඒ. මිල්ටන් පෙරේරා රංගනයෙන් එක් වෙති.
'ගෞතම බුද්ධ මාතා' චිත්‍රපටය කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රියගෙනි. සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර, කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ, සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රිය, රේඛීය නිෂ්පාදනය අනුෂා ධර්මදාස, නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීර, වස්ත්‍රාභරණ නිර්මාණය රමේෂා ඔෂිනි, කේස රචනා විලාස හරුන් ෂයිඩ්න්, අංග රචනා විලාස ප්‍රියන්ත දිසානායක, දෘශ්‍ය ප්‍රයෝග සමින්ද වතවනවිතානගේ, බුද්ධික විජේරත්න, නාද සැලසුම්කරණය සසික රුවන් මාරසිංහ, නර්තන අධ්‍යක්ෂණය චන්න වික්‍රමසිංහ, සහය අධ්‍යක්ෂණය 2 සහ 3 සමිත් බෝධිපක්ෂ, වත්සලා සමරකෝන්, නිශ්චල ජායාරූප ධම්මික පතිරත්න, වර්ණ සංයෝජනය අසංක වික්‍රමසිරි, ගායනය කාංචනා අනුරාධි, තනුර මධුගීත්, අංජලි හේරත්, ආදිත්‍යා වැලිවත්ත, සංචලි රත්නායකගෙනි.සම්මානීත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණයෙන් සහ තිලංග සුමතිපාල නිෂ්පාදනයෙන් දායක වූ නවතම සිනමා පටය වන ගෞතම බුද්ධ මතා දිවයින පුරා ප්‍රදර්ශනය වෙමින් දින පනහ සාර්ථක ලෙසපසු කරයි.
'ගෞතම බුද්ධ මාතා' සිනමා පටයක් වන මහා ප්‍රජාපතී ගෝතමියගේ ජීවන පුවත ඇසුරින් ඇසුරෙන් මෙම සිනමාපටය නිර්මාණය කර ඇත.

Back to top
Go to bottom