lan englan tam

පුවත්

Jason Cody : ආයේ අපි දිහා බලන්න එපා | Mahesh Hapugoda

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ දින වල ජාත්‍යන්තර නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිස සිටින ශ්‍රි ලාංකීය තරුණයෙකු ගැන සමාජ මාධ්‍ය වල කතාබහක් නිර්මාණය වෙලා තිබෙනවා දකින්න පුළුවන්.

Jason Cody කියන අනුවර්ථ නාමයෙන් හඳුන්වන මේ තරුණයා ගැන විවිධ අදහස් සමාජ මාධ්‍යයේ පළ වෙලා තිබුණා.
පහතින් දක්වලා තියෙන්නේ මහේෂ් හපුගොඩ මේ තරුණයා ගැන සිය මුහුණු පොතේ පළ කරලා තිබුණ අපූරු සටහනක්

fe19d5e3 9150 4e08 9e94 05e79e19f6c2


(උපුටාගැනීම)-
“ලංකාවේ ඉපදිලා කැනඩාවට සංක්‍රමණය වෙලා එතැනින් ෆ්ලොරිඩාවේ මයාමි වෙරළට ගිහිල්ල ප්‍රසිද්ධ ඇමෙරිකන් නිලංකාර සිනමාවේ සන්නාමයක් වන Brazzers එක්ක ලංකාවේ පළමු නිලංකාර පිරිමි නළුවා ලෙස ගිවිසුම්ගත වෙච්ච Jason Cody නැත්නම් ජයකොඩිට සුබපතනවා.
ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා හෝ වෙනත් බලු අසික්කිත වැඩ කරලා හරි පොලිසිවලට කට්ටි පැන පැන ඉන්නවට වඩා තමන්ගේ දහදිය සහිත ලිංගිකය විකුණන එක නම්බුයි.
එක ඉන්ටවිවී එකක ඔහු කියනවා මම ශ්‍රී ලංකාවේ කියල. නිවේදකයා දන්නේ නැහැ ශ්‍රී ලංකා කියන එක. ඒක ඇත්ත. ලංකාව කිව්වම ගොඩක් අය දන්නේ නැහැ. ඉන්දියාවට පල්ලෙන් තියන පොඩි බංකොලොත් රට කියන නැවතත් කියන්න වෙනවා.
මේ විදියට ලෝක නිලංකාර වෙළඳපලේ හොඳ නළුවෙක් උනොත් ඉන්දියාව ගැන කියන්නේ නැතුව ලංකාව කියන එක ලෝකය හඳුනාගනියි.

ඔහු ඒ ඉන්ටවිව් එකේම කියනවා ලංකාවට ගියොත් මම හිරේට දායි කියල. මම හිතන්නේ නැහැ ඒක සත්‍යය කියල. ලංකාවේ සදාචාර පොලිසියක් තියනවා තමයි. හැබැයි හොඳ නළුවෙක් හැටියට ප්‍රසිද්ධ වුනොත් මම හිතන්නේ නැහැ ලංකාව එහෙම ප්‍රතික්ෂේප කරයි කියල. දැනටත් බුකියේ ඔහුට ප්‍රතිචාර ගොඩයි.

අනික හිරේ වැටෙන්න හරි නොවැටෙන්න හරි ආයේ මේ මඟුල දිහා බලන්න ඕනි නැහැ. මොකද තවමත් ඔහුගේ ඉන්ටවිව්වල ලංකාව කියන එක 'අනෙකා' හැටියට ඔහුගේ මනසේ කොණක තියනවා කියල පේනවා.
ඔය යන ගමන ඔහොමම යන්න. ආයේ අපි දිහා බලන්න එපා!

අපෙන් නිදහස් නොවුනොත් ඔය යන ගමනවත් යන්න ලැබෙන්නේ නැහැ.”

ed037082 1b12 47c5 9010 cb7791df673a

(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

Back to top
Go to bottom