ඔන්න, සුපිරි හොලිවුඩ් නළු ‘ලියනාඩෝ ඩිකැප්‍රියෝ’ රංගනයෙන් එක්වන අලුත්ම චිත්‍රපටය වන "One Battle After Another" හි පූර්ව ප්‍රචාරක පටය එළි දක්වා තිබෙනවා.
මේ චිත්‍රපටිය පෝල් තෝමස් ඇන්ඩර්සන් ගේ අධ්‍යක්ෂණයක්. මේක නිෂ්පාදකයත් ඔහුම තමයි.
ඩිකැප්‍රියෝ ට අමතරව ෂෝන් පෙන් (Sean penn), බෙනිසියෝ ඩෙල් ටොරෝ(Bonicio Del Toro), රෙජිනා හෝල්(Regina Hall), ටෙයානා ටේලර් (Teyana Tayler) සහ චේස් ඉන්ෆිනිටි(Chase Infiniti) යන ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්වනවා.
මේ චිත්‍රපටය නිර්මාණය කරන්න පදනම් කර ගෙන තියෙන්නේ තෝමස් පින්චන් විසින් 1990 රචනා කරපු ‘Vineland’ කියන නවකථාව.මේක Black Comedy වර්ගයට වැටෙන චිත්‍රපටියක්.
ඉතින්, අද trailer එක නිකුත් වෙච්ච මේ film එක Warner Bros. Pictures මගින් 2025 සැප්තැම්බර් 26 වෙනිදා තිරගත වෙන්න නියමිතයි.