lan englan tam

පුවත්

‘The Return' හොලිවුඩ් සිනමාපටයේ තිරපිටපත රචනා කල ශ්‍රී ලාංකික නාට්‍යවේදිනිය!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලංකාවේ ප්‍රකට නාට්‍යවේදිනියක වන රුවන්ති ඩි චිකේරා ජාත්‍යන්තර සිනමා පටයකට සිය දායකත්වය ලබා දී තිබෙනවා.

ඒ හෝමර්ගේ ‘ඔඩිසි’ සුප්‍රසිද්ධ ග්‍රන්ථය පාදක කරගෙන නිර්මාණය වූ ‘The Return’ නැමැති හොලිවුඩ් සිනමාපටයේ තිර පිටපත රචනා කරමිනුයි.

p24090153 v h9 ab

වේදිකා නාට්‍ය ශිල්පිනියක්, තිර රචිකාවක්, සමාජ ක්‍රියාකරිනියක් ලෙසින් මෙරට සාහිත්‍යය වෙනුවෙන් සිය දායකත්වය ලබා දී තිබෙන ඇය 2000 වසරේදී ග්‍රේෂන් සම්මානයෙනුත් පිදුම් ලැබුවා.

මීට පෙර 2008 වසරේ තිරගත වූ ඉතාලි ජාතික උබර්තෝ පැසොලිනි විසින් අධ්‍යක්ෂණය කළ“මචං” චිත්‍රපටයේ තිර පිටපත රචනා කිරීම සඳහා ද ඇය උබර්තෝ පැසොලිනි සමග එක්ව කටයුතු කළා.

'මචං' චිත්‍රපටයට පසුව උබර්තෝ පැසොලිනි විසින් තවත් සිනමාපට කීපයක්ම අධ්‍යක්ෂණය කළ අතර ඔහුගේ නවතම සිනමා නිර්මාණය වන්නේ ‘The Return’ නැමැති හොලිවුඩ් සිනමාපටයයි. ලෝ පුරා ජනප්‍රිය හොලිවුඩ් තරු රැසක් මෙහි ප්‍රධාන චරිත සඳහා රංගයෙන් එක්වනවා.

p24090153 i h9 ab

'The Return' සිනමාපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ ජනප්‍රිය හොලිවුඩ් නලු Ralph Fiennes විසිනුයි. 'Scindler’s List' , 'The English Patient' , 'Conclave' , 'The Menu' වැනි චිත්‍රපටවල ඔහු ඉදිරිපත් කළ රංගනය විශේෂ ඇගයීමට ලක්වූවා.

 

ලෝ පුරා මෙතරම් ජනප්‍රිය සිනමා තරුවක් ප්‍රධාන රංගනයෙන් එක්වන 'The Return' සිනමාපටයේ තිර පිටපත රචනා කිරීමට ශ්‍රී ලාංකික නිර්මාණවේදිනියක වන රුවන්ති ඩි චිකේරා හට අවස්ථාව ලැබීම සුවිශේෂයි. අධ්‍යක්ෂක උබර්තෝ පසෝලිනි සහ තවත් තිර රචකයින් කිහිප දෙනෙකු සමඟිනුයි, ඇය මෙම චිත්‍රපට පිටපත රචනා කර ඇත්තේ..

RUWA

 ලොව පුරා  සිනමා උළෙල රාශියක් නියෝජනය කිරීමට සමත් වූ මෙම චිත්‍රපටය පසුගිය වසරේදී ඇමරිකාව පුරා තිරගත වුනා. ඉන් අනතුරුව මේ දිනවල බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය තුළ 'The Return' චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා.

'Oppenheimer', 'Interstellar', 'Tenet' වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ක්‍රිස්ටෝපර් නෝලන් ගේ අලුත්ම සිනමා පටය සඳහා පාදක වී ඇත්තේ ද මෙම ‘ඔඩිසි’ ග්‍රීක කාව්‍යයය පදනම් කර ගත් කතා පුවතකුයි.    

Back to top
Go to bottom