උපුල් ශාන්ත සන්නස්ගලව බොහෝ දෙනෙක් දන්නේ ලංකාවේ සිංහල විෂය ගැන ජනප්‍රිය උපකාරක පංති දේශකවරයෙක් විදිහට.
ඒ වගේම ඔහු නවකතා කරුවෙක් විදිහටත්, ගීත රචකයෙක් වගේම චිත්‍රපට නිෂ්පාදකයෙක් විදිහටත් කටයුතු කරනවා.
“තංගමලේ ඩයරීස්” කියන්නේ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ප්‍රථම වරට චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙමින් නිර්මාණය වන සිනමා නිර්මාණයක්. මෙහි තිර රචකයා වන්නෙත් ඔහුයි.
කාලයක් තිස්සේ බොහෝ කතා බහට ලක් වූ මේ චිත්‍රපටයේ රූගත කිරීම් පහුගිය දවස්වල හපුතලේ තංගමලේ ප්‍රදේශයේදී පැවැත්වුණා. මේ වෙන කොට චිත්‍රපටයේ රූගත කිරීම් බොහොමයක් අවසන් කියලයි වාර්තා වෙන්නේ.
ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන් බොහෝ දෙනෙක් දායක වෙලා සිදු වෙන මේ නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂකවරයා විදිහට වැඩ කරන්නේ චන්න දේශප්‍රිය.
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සනත් ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා, විෂ්නු වාසු ඇතුලු නළු නිළියන් රැසක් මෙයට රංගනයෙන් එක්වනවා.
ඉතින්, මේ චිත්‍රපටය ගැන උපුල් ශාන්ත සන්නස්ගල පසුගියදා සිය මුහුණු පොතේ අපූරු සටහනක් තබලා තිබුණ.
එම සටහනේ මේ චිත්‍රපටයට “තංගමලේ ඩයරීස්” කියලා නම හැදුන විදිහ ගැන වගේම එය නිර්මාණය උන විදිහ ගැන තොරතුරුත් ඔහු සදහන් කරලා තිබුණා. පහතින් දැක්වෙන්නේ ඒ සටහන.
(උපුටා ගැනීම)
කොරෝනා කාලෙ හුදෙකලාව හිටපු ඕනෑ ම පෘථිවිවාසී මනුස්සයෙකුට මරණ බිය දැනෙන්න ඇති.මට කොරෝනා මරණ බිය දැනිච්ච වෙලාවෙ තමයි ' බය කියන්නෙ ලෙඩක් ' කියලා යූටියුබ් ප්රෝගැම් එකක් කරේ. ඒකෙන් මම ආකස්මිකව ම යූටියුබර් කෙනෙක් වුණා. තනියම හුදෙකලාවෙ කොරෝනා දුකින් මැරෙන්න දුක හිතුණා.මං සතුටින් විසිල් එකක් ගහලා මැරෙන්න හිතන මිනිහෙක්.'සමූහයක් එක්ක හිනාවෙලා ප්රේමයකින් මැරෙන්න ඕන'කියන අදහස මගේ හිතට හයියක් ගෙනාවා.මලයාලම් සිනමාවෙ 'අංගමලේ ඩයරීස්' බලද්දි තමයි මට ' තංගමලේ ඩයරීස්' නම ඔළුවට ආවෙ. එදා ඉඳලා සාමූහික මිතුරු කණ්ඩායම් පහක් එක්ක; අවුරුදු පහක් පස් වතාවක් මම සතතාභ්යාසයේ යෙදුණා. සොලොස් වතාවක් විවිධ විචිත්ර මිතුරො පිටපත් ලිව්වා. පනස් වතාවක් විතර විවිධ මිතුරු කණ්ඩායම් එක්ක තංගමලේ ගියා.
ෆිල්ම් එකේ මේන් ලොකේශන් විදියට 'තංගමලේ ෆාම් හවුස්' නමින් මීදුම් නිවස්නයක් හැදුවා.බයිස්කෝප් එකේ සින්දු කීපයක තව දර්ශන කීපයක් රූපගත කරන්න තියනවා. අනෙක් සියල්ල රූපගත කොට අවසන්. දැන් පොඩි විවේකයකින් පස්සෙ'තංගමලේ ඩයරීස්' ෆිල්ම් එක එඩිට් කරන්න පටන් ගන්නවා.මිතුරු මිතුරියනි;මගේ ෆස්ට් ෆිල්ම් එක ඔබත් එක්ක එක ප්රේක්ෂකාගාරයක සමසුන්ව හිඳ විඳගන්නට මම හීන දකිනවා.'හීනයක් කියන්නෙ සැළසුමක්' මම ඒක දැඩිව විශ්වාස කරනවා.
හෙට හැන්දෑවෙ කොළඹ ෆිල්ම් හෝල් එකකට ගිහින් ලකා ධර්මරත්නගෙ හීන හතහමාරක්' බලලා වාලම්පුරියෙ වටිනාකම් කියන්නම්.
https://casite-737679.cloudaccess.net/news/11002-2025-05-08-04-42-53#sigProId78796f1c7a