අලුත්ම සිනමා නිර්මාණයක රූගත කිරීමක් සඳහා ජනප්‍රිය චීන සිනමා නළුවෙකු වන Huang Zitao සහ චීන නිළියක වන Xu Yiyang මෙරටට පැමිණ තිබෙනවා.
‘Tao’ යන අනුවර්ත නාමයෙන් හැදින්වෙන Huang Zitao තරුණ පරපුරේ චීන සිනමා තරුවක් මෙන්ම ලෝකය පුරා ජනප්‍රිය ‘EXO’ සංගීත කණ්ඩායමේ හිටපු ගායකයෙකු ද වනවා.
ඔහු රංගනයෙන් එක්වූ ‘You are my sunshine’ වැනි සිනමා නිර්මාණ මෙන්ම Negotiator, The Brightest star in the sky වැනි රූපවාහිනී කතා මලා ද ප්‍රේක්ෂකයන් අතර බොහෝ ජනප්‍රියත්වයට පත් වූවා. එමෙන්ම Huang Zitao යනු forbs සඟරාව මගින් ප්‍රකාශයට පත් කරන චීනයේ ජනප්‍රියම පුද්ගලයන් අතර ඉදිරියෙන්ම සිටින චරිතයක් වනවා.
මොවුන් දෙපළට මෙරටට පැමිණීම සඳහා පහසුකම් සපයා ඇත්තේ ලාංකීය සංචාරක ආයතනයක් වන ‘Exotic Global’ ආයතනය විසින් වන අතර මෙම චීන තාරකා දෙපළගේ පැමිණීම හරහා චීන සංචාරකයන් ගේ ආකර්ශනය මෙරටට ලබා ගැනීමට ද චීන වෙළඳ පොළ තුළ ශ්‍රී ලංකාවේ දෘශ්‍යතාව වැඩි දියුණු කිරීම මෙන්ම ශ්‍රී ලාංකික සංස්කෘතිය, ආගන්තුක සත්කාර වැනි අංශ ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා.
පහතින් දැක්වෙන්නේ ඊයේ (21) දිනයේ කොළඹ Cinnamon grand හෝටලයේදී ඔවුන්ව පිළිගත් අවස්ථාවේ ඡායාරූප පෙළක්.