සුප්‍රකට බොලිවුඩ් නළු අමීර් ඛාන් ප්‍රධාන චරිතයට පණ පොවන ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන Sitaare Zameen Par මේ මාසේ 20 වනදා, (ජූනි20) ඉදන්, ඉන්දියාව ඇතුළු ලොව පුරාම තිරගත වන බව නිල වශයෙන් නිවේදනය කරලා තියනවා.
මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ R. S. Prasanna යි.
මෙහි නිෂ්පාදනය අමීර් ඛාන් සහ Aparna Purohit විසින් සිදු කරලා තියනවා.
ඒ වගේම මේ චිත්‍රපටය 2018 වර්ෂයේ තිර ගත උන ස්පාඤ්ඤ චිත්‍රපටයක් වන ‘Campeones’ හි නිල ප්‍රතිනිර්මාණයක් විදිහට නිර්මාණය වෙලා තිබීමත් විශේෂත්වයක්.
අමීර් ඛාන් ගේ අලුත්ම චිත්‍රපටය ‘සිතාරේ සමීන් පර්” ප්‍රේක්ෂකයා හඬවන එකක්ද?
මේ චිත්‍රපටයේ කතාව ගැනත් විස්තර ටිකක් කියන්නම්,
මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන (අමීර් ඛාන්) පැසිපන්දු පුහුණුකරුවෙකුගේ චරිතයක් තමයි චිත්‍රපටයේ නිරූපණය කරන්නේ.
චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නේ පැසිපන්දු පුහුණු කරුවෙක් වන මෙහි ප්‍රධන චරිතය (අමීර් ඛාන් නිරූපණය කරන) නීති කඩකිරීමක් සහ ඔහුගේ නොමනා හැසිරීම නිසා දඩුවමක් විදිහට ප්‍රජා සේවා කටයුතු සදහා යොමු කරනු ලැබීමත් එක්ක.
එහිදී විශේෂ අවශ්‍යතා ඇති පැසිපන්දු කණ්ඩායමක පුහුණු කරු විදිහට කටයුතු කරන්න ඔහුට සිදු වෙනවා.
ඉන් පස්සේ චිත්‍රපටය ඉදිරියට ගලාගෙන යන්නේ මේ පැසිපන්දු කණ්ඩායමත් එක්ක ඔහුට මුහුණ දෙන්න සිදු වන සිදුවීම් එක්ක.
මෙතනදී ඔහුට ජීවිතයේ වෙනස්ම පැතිකඩක් අත්දකින්නට ලැබෙනවා.
‘comedy-sports drama’ කියන ප්‍රවර්ගයට අයිති වෙන මේ චිත්‍රපටය සිනහව හාස්‍ය රසය වගේම ප්‍රේක්ෂකයාගේ සංවේදී මනෝභාවයන්ටත් ආමන්ත්‍රණය කරන චිත්‍රපටයක්.
ඉතින්, 'Sitaare Zameen Par' චිත්‍රපටය ජූනි 20 වෙනිදා ඉදන් ඉන්දියාව ඇතුළු ලොව පුරාම තිරගත වීමට සමගාමීව ලංකාවේත් තිරගත වෙන්න නියමිතයි.
මෙය ලංකාවේ ප්‍රදර්ශනය සඳහා කටයුතු කරන්නේ ‘Antenna International’ පෞද්ගලික සමාගමයි. EAP මණ්ඩලයේ තෝරාගත් සිනමා ශාලා හරහා මේ චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වෙනවා.
පහතින් දක්වලා තියෙන්නේ ලංකාවේදී 'Sitaare Zameen Par' චිත්‍රපටය නරඹන්න පුළුවන් සිනමා ශාලා ලැයිස්තුවයි.
- Tentatively
Savoy 3D
Savoy Rajagiriya
Savoy Metro Gampaha
MC colombo
Regal Katubedda
PVR
CCC Scope
CCC Havlock city
LIBERTY by scope - Kiribathgoda
RAM - Wattala
KCC - Kandy
MILANO - Kegalle