‘Walt Disney Pictures’ සමාගම අන්තිමටම නිෂ්පාදනය කරපු ‘Snow White’ චිත්‍රපටය අදායම් වාර්තා අතින් නම් සාර්ථක චිත්‍රපටයක් බවට පත් උනේ නැහැ.
ඇත්තටම කිවුවොත් snow white (2025) චිත්‍රපටයට ඒක නිෂ්පාදනය කරන්න ගිය ඇමරිකානු ඩොලර් මිලියන 270 ක දැවැන්ත වියදම ආවරණය කර ගන්නටවත් හැකි උනේ නෑ.
ඉතින් ‘Snow white’ චිත්‍රපටයට පස්සේ ‘Walt Disney Pictures’ නිෂ්පාදනය කරපු අලුත්ම චිත්‍රපටය තමයි Lilo & Stitch 2025’ කියන්නේ.
මෙය 2002 වර්ෂයේ Disney සමාගම නිෂ්පාදනය කරපු Lilo & Stitch සාම්ප්‍රධායික ඇනිමේෂන් චිත්‍රපටයේම සජීවී -ඇනිමේෂන් Remake එකක් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.
විද්‍යා ප්‍රබන්ධ හා හාස්‍ය කියන (Science fiction comedy) ප්‍රවර්ගයට අයිති වෙන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂක Dean Fleischer Camp
Lilo and Stitch Live Action චිත්‍රපටය නිර්මාණය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන100 ක මුදලක් වැය වෙලා තියෙනවා. හැබැයි ඒ මුදල Disney සමාගම ‘snow white’ චිත්‍රපටය වෙනුවෙන් වැය කරපු ඩොලර් මිලියන 270 ක මුදලත් එක්ක බැලුවහම එය සාපේක්ෂව අඩු මුදලක්.
පසුගිය මැයි මාසේ 23 වෙනිදා ඉදන් ලොව පුරා තිරගත වීම ආරම්භ උන මේ චිත්‍රපටය මේ වන විට ලොව පුරා ඇමරිකානු ඩොලර් මිලියන 800 ක ආදායමක් උපයන්න සමත් වෙලා තියනවා.
ඉතින් මේ වෙන කොට 2025 අවරුද්දේ තුන් වෙනියට වැඩිම ආදායමක් උපයන්න සමත් උන චිත්‍රපටය බවටත් Lilo and Stitch පත් වෙලා තියනවා.
මේ චිත්‍රපටය තවමත් තිර ගත වෙමින් තියෙන නිසා මේ චිත්‍රපටය ඉතිරි සති වලදී ඇමරිකානු ඩොලර් බිලියනයේ සීමාවට ගමන් කරයි ද කියලා බලාගන්න පුළුවන්.
කොහොම උනත් මේ වෙනකොට 'Lilo and Stitch' Disney සමාගමේ තවත් සාර්ථක චිත්‍රපටයක් බවට පත් වෙලා ඉවරයි.
කොහොම උනත් මේ අවුරුද්දේ තිරගත උන චිත්‍රපටි අතරින් ඉහළම ආදායමක් උපයන්න සමත් උන චිත්‍රපටය තමයි ‘Ne Zha 2’ කියන චීන ඇනිමේෂන් චිත්‍රපටය.
එය ඇමරිකානු ඩොලර් බිලියන දෙකකට වැඩි ආදායමක් උපයන්න සමත් වූ බවත් සඳහන් කරන්න ඕනෙ.