lan englan tam

පුවත්

ලලිත් රත්නායකගේ “රිවස්ටන්” චිත්‍රපටය චීනයේ ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කළ ඔහුගේ දෙවන සිනමා නිර්මාණය වන  රිවස්ටන්” (Riverstone) සිංහල චිත්‍රපටය චීනයේ ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (SIFF) නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව ලලිත් රත්නායක ඇතුළු චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමේ හා ඊට රංගනයෙන් එක්වූ ශිල්පීන් පිරිසක් චිත්‍රපට උළෙලට සහභාගී වීම සදහා ඊයේ දිනයේ (13), චීනයේ ෂැංහයි නුවර බලා පිටත්වනු ලැබුවා.

506627782 1292574812871038 1953886024981858572 n

 

මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර,රන්දික ගුණතිලක...ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වූ මෙම චිත්‍රපටයේ තිර පිටපත රචනා කළේ ද ලලිත් රත්නායක විසිනුයි.

චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය ලබා දෙනු ලැබුවේ රංගන ශිල්පිනී නිමන්ති පෝරගේ විසින් වන අතර කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේ ප්‍රභාත් රොෂාන් ය.

ඉතින්, ආසියාවේ ප්‍රධානතම සිනමා සම්මාන උළෙලක් වන ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට ශ්‍රී ලාංකික සිනමාව නියෝජනය කරමින් චිත්‍රපටයක් තේරී පත් වීම ඉතා වැදගත් අවස්ථාවක් වන අතර, අපි චිත්‍රපටයේ අධ්‍යක්ෂක ලලිත් රත්නායක ඇතුළු චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමට සහ රංගන ශිල්පීන්ට අපගේ උණුසුම් සුභ පැතුම් එක් කරන්නෙමු.

පහතින් දැක්වෙන්නේ රිවස්ටන් (Riverston) චිත්‍රපටය රූගත කරනු ලැබු කාලසීමාවේ ලබාගත් ඡායාරූප කිහිපයක්.

ඡායාරූප උපුටා ගැනීම 'Nimanthi Porage'  facebook පිටුව ඇසුරිනි)

 

 

Back to top
Go to bottom