ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයක් වූ 1970 / 75 සමයේ සිනමා ක්ෂේත්‍රයේ දස්කම් පෑ කලාකරුවන් ඇගයීමේ, Silver Screen Award - 2025 උළෙල ඊයේ (13) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ද සහභාගී වූවා.
සම්මාන උළෙලේදී "සුමිත් බිබිලේ අනුස්මරණ රන් සම්මානය" ප්‍රවීණ, ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය වෙත පිරිණනමණු ලැබූ අතර,
ගුණසිරි සිල්වා, රූපසේන සිල්වා, බන්දුල ගලගෙදර, සිසිර කුමරතුංග , ඉන්ද්‍රාණි පෙරේරා, චන්දි රසිකා, මැණික් කුරුලසූරිය, රිචාඩ් වීරක්කොඩි, අග්‍රා සංජීවනී, පද්ම ශ්‍රී කොඩිකාර, දිනේෂ් ප්‍රියසාද් ඇතුළු කලාකරුවන් රැසක් ඇගයීමට ලක් වූවා.
මෙම සම්මාන උළෙල සංවිධාන කර තිබුණේ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලාකරුවන් පිරිසකගෙන් සැදුම්ලත් Silver Screen පදනම විසිනි.
පහතින් දැක්වෙන්නේ සම්මාන උළෙලේ ඡායාරූප පෙළක්.
https://casite-737679.cloudaccess.net/news/11178-silver-screen-2025#sigProId42a5a2d4e0