lan englan tam

පුවත්

රංගන ශිල්පිනී රූපා පතිරණ ගැන සුබ ආරංචියක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ රංගන ශිල්පිනී රූපා පතිරණ මීට මාසයකට පමණ ඉහතදී රිය අනතුරකට මුහුණ පෑවා.

ඒ, නවතම ටෙලි නිර්මාණයක රූගත කිරීමකට යන අතරේ මහව ප්‍රදේශයේදී.

මේ හේතුවෙන් ඇයට ශල්‍ය කර්මයක් පවා සිදු කිරීමට වෛද්‍යවරු නිර්දේශ කොට තිබුණා.

ඉතින්, ඇයගේ දැන් සෞඛය තත්වය කෙසේ ද යන්න පසුගිය දින වල බොහෝ දෙනෙක් විමසා තිබුණු කරුණක්.

මේ ගැන විමසන ඇගේ රසිකයන් සැමට රූපා පතිරණ නිල ෆේස්බුක් ගිණුම හරහා දැනුවත් කිරීමක් සිදු කොට තිබෙනවා.

මේවන විට ඇයගේ සෞඛ්‍ය තත්වය බෙහෙවින් සුව අතට හැරෙමින් පවතින බව තමයි මේ සටහනේ ප්‍රධාන වශයෙන්ම සදහන් වෙලා තියෙන්නේ. 

පහතින් දැක්වෙන්නේ 'රූපා පතිරණ' නිල ෆේස්බුක් ගිණුම හරහා එක් කර තිබූ එම සටහනයි.

(උපුටා ගැනීම)

බොහෝ දෙනා මගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව විමසන නිසා කෙටි නිහැඬියාවකින් පසුව මේ සටහන තබන්න හිතුවා. දැන් මගේ තත්වය ඉතාම යහපත් අතට පත් වී තිබෙනවා. කිසිදු ආධාරකයක් නොමැතිව ඇවිදීමේ හැකියාව දැන් පවතින නමුත් වෛද්‍ය නිර්දේශය මත තවත් ටික කලක් විවේක සුවයෙන් සිටිය යුතු වෙනවා.

කෙසේ වෙතත් ඉතාම ඉක්මනින් අලුත් නිර්මාණයක් තුළින් ඔබ හමුවට එන පොරොන්දුව මත මේ සටහන අවසානයට මාගේ සෞඛ්‍යය තත්වය විමසන, ඒ වෙනුවෙන් කැපවෙන ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට ආදරේ බව සටහන් කරනවා.

ස්තුතියි

රූපා පතිරණ. 

 

( 'Rupa Pathirana'  facebook පිටුව ඇසුරිනි)

 

kemadasa

Back to top
Go to bottom