lan englan tam

පුවත්

එච්.ආර්. ජෝතිපාල දැයෙන් සමුගෙන අදට වසර 38 ක් !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රි ලාංකේය සිනමා වංශකථාවේ විශිෂ්ටතම පසුබිම් ගායකයා ලෙස අවිවාදයෙන්ම සැලකෙන, එච්. ආර්. ජෝතිපාල මහතා දැයෙන් සමුගෙන අදට වසර 38ක් සම්පූර්ණ වෙනවා.

1936 පෙබරවාරි 12 දෙමටගොඩදී උපත ලබන හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල 1987 කොළඹ රත්නම් රෝහලේදී දිවි ගමන නිම කරන විට වයස 51 ක් වූවා.

සිරියමෙ සාරා, පෘතුගීසිකාරයා, කවුද ඔබ කවුරුන්දෝ, ආදර මල් පවනේ, ඈත දිලිසෙන හිරු සඳු, මේ ජීවනයේ, හොඳ සිරියාවයි වැනි ජනප්රිය චිත්රපට ගීත ඇතුලුව සමස්ත ගීත දහස් ගණනකට ජෝතිපාලයන් සිය ප්‍රතාපවත් ගායනය එක් කොට තිබෙනවා.

කස්තුරි සුවඳ, තුෂාරා, ස්වීප් ටිකට්, හිත හොඳ මිණිහෙක්, කවුද රජා, හොඳට හොඳයි, වාසනා, සංගීතා .. වැනි ජනප්‍රිය චිත්‍රපටවල ඔහුගේ ගායනයෙන් හැඩ වුනු ඒ ගී පදමාලා අදටත් මෙරට අතිශය ජනප්‍රියයි.

ගායකයෙකු මෙන්ම නළුවෙකු ලෙසත් මෙරට සිනමා රසිකයින් අතරට ගිය එච්. ආර්. ජෝතිපාල ඇතුලුවීම තහනම්, අභිරහස, බෝනික්කා, ඔබයි මමයි, ශාන්ති.. ඇතුලු සිනමාපට 30කට අධික සංඛ්‍යාවකට රංගනයෙනුත් එක් වී තිබෙනවා.

එච්. ආර්. ජෝතිපාලයන් දැයෙන් සමුගෙන දශක හතරකට ආසන්න කාලයක් ගතවී තිබුනද අදටත් චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස ඔහු ලැබූ ජනප්‍රියත්වයට හා ජනාදරයට සමවිය හැකි ගායකයෙකු අදටත් බිහිවී නොමැති බව කිව යුතුය.

kemadasa

Back to top
Go to bottom