lan englan tam

පුවත්

රසිකයන් පුදුමයට පත් කරමින් ජස්ටින් බීබර්ගෙන් අලුත්ම ගීත ඇල්බමයක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

යොවුන් ගායකයෙකු ලෙස සංගීත ක්ෂේත්‍රයට පැමිණ පසුව ලොව සුපිරි ගායන තරුවක් බවට පත්වූ කැනේඩියානු ජාතික ගායන ශිල්පී ජස්ටින් බීබර්  සිය රසිකයන්ව පුදුමයට පත් කරමින් ‘Swag’ යන නමින් නවතම  ගීත ඇල්බමයක් නිකුත් කොට තිබෙනවා.

මෙලෙස ඔහු ගීත ඇල්බමයක් නිකුත් කොට ඇත්තේ වසර හතරකට පසුව වන අතර අවසන් වරට ඔහු 2021 වර්ෂයේදී ‘Justise’ යන නමින් ගීත ඇල්බමයක් නිකුත් කළා.

පසුගියදා, පියවරුන්ගේ දිනය යෙදී තිබූ දවසේ එක්තරා ඡායාරූප ශිල්පියෙකු විසින් රූගත කරන ලද බීබර්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් විවිධ අයුරින් සංස්කරණයන්ට ලක් වෙමින් අන්තර්ජාලය පුරා සංසරණය වූ අතර,

එම වීඩියෝවේ බීබර් විසින් ,

"මම තාත්තා කෙනෙක්. මම ස්වාමිපුරුෂයෙක්. ඔයාට තේරෙන්නේ නෑ. ඒක ඔයාට click වෙන්නේ නෑ...  යනුවෙන් ඔහු අදාල රූපගත කරන්නාට බැන වදින අතර අදාළ රූපගත කිරීමට විරෝධය පළ කරනවා.

("I'm a dad. I'm a husband. You're not getting it. It's not clocking to you. I'm standing on business.")

කෙසේ වෙතත් දැන් එම වීඩියෝවම ඔහුගේ නවතම ගීත ඇල්බමයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගෙන තිබෙනවා.

 dabb2c40 5e11 11f0 b5c5 012c5796682d.png

 

මෙම ඇල්බමයේ ගීත (tracks) 20ක් අඩංගු වන අතර, එහි ගීත නාම අතර Dadz Love, Devotion සහ Therapy Session යන නම් වලින් යුත් ගීත ඇතුළත් වනවා.

පැයකට අඩු ධාවන කාලයක් ඇති මෙම ගීත ඇල්බමය සඳහා,  ජස්ටින් බීබර්, Sexxy Red, Cash Cobain, සහ Gunna වැනි රැප් ගායක එකතුවකිනුයි එළි දක්වා ඇත්තේ.

ඇල්බමයේ ගීත ආදරය, විවාහය වැනි තේමා මෙන්ම ආගමික භක්තිය, සමාව දීම ඇතුළු ආගමික තේමාවන් ද ස්පර්ශ කරන බව සඳහන්ය.

මෙම නවතම ගීත ඇල්බමය පිළිගනිමින් ජනප්‍රිය ඇමරිකානු රැප් ගායක බිග් ෂෝන් ද Instagram පණිවිඩයක "Yes!!!!" ලෙස පළ කරමින් සතුටු දායක ප්‍රතිචාර දක්වා තිබෙනවා.

 

kemadasa

Back to top
Go to bottom