lan englan tam

පුවත්

‘ලියනාඩෝ ඩිකැප්‍රියෝ’ රංගනයෙන් එක්වන සුපිරි හොලිවුඩ් චිත්‍රපටය ‘The Departed’ අද ITN එකෙන්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අද (12), ස්වාධින රූපවාහිනී සේවයේ ( ITN) ‘Saturday Night Movie’ විශේෂාංගය තුළින්   ‘The Departed’ ඇමරිකානු චිත්‍රපටය විකාශය කෙරෙනවා.

චිත්‍රපටය රාත්‍රී 10.30 විකාශය වීමට නියමිතයි.

 

p162564 v h8 ap

‘ලියනාඩෝ ඩිකැප්‍රියෝ’, ‘මැට් ඩේමන්’, ‘ජැක් නිකල්සන්’ වැනි සුපිරි හොලිවුඩ් රංගන ශිල්පීන් රංගනයෙන් එක්වන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ විශිෂ්ඨ ඇමරිකානු සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස හැදින්වෙන Martin Scorsese විසින්.

චිත්‍රපටය 2006 වර්ෂයේදී නිකුත් විය.

මෙම චිත්‍රපටය Crime, Drama, thriller යන ශානරයට අයත් චිත්‍රපටයක් ලෙස හැදින්විය හැකියි.

චිත්‍රපටයේ කතාව මාෆියා ලෝකයේ යටිබිම් ගත පැතිකඩක් පිළිබඳව අනාවරණය කෙරෙන්නක්. පොලිසීය, අපරාධ ලෝකය, මාෆියා කණ්ඩායම් වැනි ආයතන වල ක්‍රියාකාරිත්වය පිළිබඳව මතුපිට කතාවකට එහා ගිය ඒවයේ පදනම ක්‍රියාත්මක වන අකාරය පිළිබඳව කුතුහලය පිරුණු ත්‍රාසජනක කතාවක් චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන එනවා.

මෙම චිත්‍රපටය 2007 වර්ෂයේ 79 වන 'ඔස්කාර්' සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ද ඇතුළුව ඔස්කාර් සම්මාන හතරක් දිනා ගැනීමට සමත් වූවා. එනම් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Martin Scorsese හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබු අතර හොඳම චිත්‍රපට සංස්කරණය සහ හොඳම අනුවර්තිත තිරරචනය (best adapted screenplay) යන සම්මාන ද්විත්වයද හිමි උනා.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.>>

 

kemadasa

Back to top
Go to bottom