lan englan tam

පුවත්

'මදර් ලංකා' (Mother Lanka): අගෝස්තු 14 වනදා සිට රිදී තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අනූෂ එදිරිමුණි විසින් අධ්‍යක්ෂණය කළ 'මදර් ලංකා' (Mother Lanka) නවතම සිංහල චිත්‍රපටය එළඹෙන අගෝස්තු 14 වෙනිදා සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිර ගත වීමට සූදානම්.

ආදරණීය අම්මා කෙනෙකුගේ හදවතේ තම දරුවා වෙනුවෙන් උපදින දාරක ප්‍රේමයත් , බැඳීම හා සෙනෙහසත් කුමන අවහිර බාධක පැමිණියද නොබිඳී නොසැලී තම ලෙයින් උපන්  දරුවාගේ  යහපත වෙනුවෙන් දහසක් දුක් ඉසිලූ අම්මා වරුන් කොතෙකුත් අපවටා නොවෙත්ද ?

එවන් අම්මා කෙනෙකුගේ කඳුළු කතාවයි  " මදර් ලංකා " සිනමා කෘතිය.

 

පූර්ව ප්‍රචාරක පටය මෙතනින් නරඹන්න>>>

 

මාතෘත්වය ,ක්‍රීඩාව යන තේමාවන්  පදනම් කොට ගෙන දිවෙන  'මදර් ලංකා' (Mother Lanka) චිත්‍රපටයේ,

තරින්දි ප්‍රනාන්දු ,  සෙනුකි දිශල්‍යා ( හඳුන්වා දෙන ), ධනංජය සිරිවර්ධන යන රංගන ශිල්පීන් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර බිමල් ජයකොඩි , සනත් ගුණතිලක ,දිල්හානි අශෝකමාලා , හර්ෂිකා රත්නායක , ධර්මප්‍රිය ඩයස් , කළණ ගුණසේකර ,චතුරංග කොඩිතුවක්කු ,හේෂානි ලියදිපිට ,මාදිනි මල්වත්ත , සරත් කොතලාවල ,කුසුම් පෙරේරා ඇතුළු ප්‍රවීණයන් රැසක් ද රංගයෙන් දායක වෙනවා.

තිර රචනයෙන් ක්‍රිෂාන්ති කුලසුරිය, කැමරාකරණයෙන් රංගන එස්. බණ්ඩාර ,අංග රචනයෙන් නයන උදිත් , කලා අධ්‍යක්ෂණයෙන් විහඟ දෙනුවන් , සහය අධ්‍යක්ෂණයෙන් නිරෝශන් එදිරිමාන්න, සංගීත අධ්‍යක්ෂණයෙන් එරංග ජයවර්ධන, සමූහ  අධ්‍යක්ෂණයෙන් ලසන්ත ප්‍රැන්සිස් හා නිෂ්පාදන කළමනාකරණයෙන් ලක්රුවන් ලොකුහෙට්ටිආරච්චි  එක්වී ඇති " මදර් ලංකා "  ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයකි.

kemadasa

Back to top
Go to bottom