හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස හැදින්වෙන 30 වන සුමති සම්මාන උළෙල (2025) මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර මොනාච් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා.
මෙවර සම්මාන උළෙලේදී 2024 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා සිට 2024 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා දක්වා සියලු රූපවාහිනි නාලිකා විසින් විකාශනය කරන ලද ටෙලිනාට්‍ය, වැඩසටහන් අතරින් සම්මාන ප්‍රධානය සිදු කරනවා.
මෙවර සම්මාන උලෙලේදී ප්‍රේක්ෂක මනාප අතරින් තෝරා ගනු ලබන ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවා ලෙස සම්මානය හිමි කර ගැනීමට සාරංග දිසාසේකර සමත් උනා.
වැඩිම ප්‍රේක්ෂක මනාප ලබාගනිමින් ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මානය හිමි කර ගැනීමට දිනක්ෂි ප්‍රියසාද් සමත් උනා.



