lan englan tam

පුවත්

30 වන සුමති සම්මාන උළෙලේ හොඳම නළුවා ප්‍රියන්ත නිළිය තරින්දි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස හැදින්වෙන සුමති සම්මාන උළෙළ ඊයේ(15) දිනයේ පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර මොනාච් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත් උනා.

මෙවර පැවැත්වුනේ 30 වන සුමති සම්මාන උළෙල වන අතර සම්මාන උළෙලේදී 2024 වර්ෂයේ ජනවාරි මස  01 වැනිදා සිට 2024 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා දක්වා සියලු රූපවාහිනි නාලිකා විසින් විකාශනය කරන ලද ටෙලිනාට්‍ය, වැඩසටහන් ඇගයුමට ලක්කරමින් සම්මාන ප්‍රධානය සිදු කෙරුණා.

සම්මාන බෙදී ගියේ මේ අකාරයෙන්,

මෙවර සම්මාන උළෙලේදී කලාකරුවෙකුට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන සුමතිපාල අනුස්මරණ සම්මානය ප්‍රවීණ රංගන ශිල්පිනී වීනා ජයකොඩි ට සහ ප්‍රවීණ සංගීතවේදී සුනිල් එදිරිසිංහ හට ප්‍රධානය කරනු ලැබුවා.

 

sunul edirisinghe and vina jayakodi

 

ප්‍රේක්ෂක මනාප අතරින් තෝරා ගනු ලබූ 2024 වර්ෂයේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවා ලෙස සම්මානය හිමි කර ගැනීමට සාරංග දිසාසේකර සමත් වූ අතර වැඩිම ප්‍රේක්ෂක මනාප ලබාගනිමින් ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය බවට පත් වූයේ  දිනක්ෂි ප්‍රියසාද්.

30 වන සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා සාරංග දිසාසේකර සහ නිළිය දිනක්ෂි ප්‍රියසාද්

 

30 වන සුමති සම්මාන උළෙලේ 2024 වර්ෂයේ හොඳම ටෙලි නාට්‍ය නළුවා සම්මානය දිනා ගත්තේ ප්‍රියන්ත සිරිකුමාරයි. ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ “බැක්සයිඩ්” ටෙලි නාට්‍යයේ ඔහු නිරූපණය කළ ‘නාරඳ’ ගේ චරිතය වෙනුවෙන් ඔහු මෙම සම්මානයට පාත්‍ර වූවා.

හොඳම නිළිය  සම්මානය දිනා ගනු ලැබුවේ තරින්දි ප්‍රනාන්දුයි. ස්වාධින රූපවාහිනී සේවයේ විකාශය වූ ‘තප්පරයක් දෙන්න’ ටෙලි නාට්‍යයේ ඇය නිරූපණය කළ “පූජනී” ගේ චරිතය වෙනුවෙන් ඇය මෙම සම්මානයට පාත්‍ර වූවා.

 

30 වන සුමති සම්මාන උළෙලේ හොඳම  නිළිය තරින්දි ප්‍රනාන්දු සහ හොඳම නළුවා ප්‍රියන්ත සිරිකුමාර

 

හොඳම ටෙලි නාට්‍ය සහය නළුවා ලෙස සම්මානය හිමි කර ගැනීමට රොජර් සෙනෙවිරත්න සමත් වූවා. ස්වාධින රූපවාහිනී සේවයේ විකාශය වූ ‘තප්පරයක් දෙන්න’ ටෙලි නාට්‍යයේ ඔහු නිරූපණය කළ ‘ෆීලික්ස් රාජගුරුගේ’ චරිතය වෙනුවෙනි ඔහුට මෙම සම්මානය හිමි වූයේ.

518683783 1133586665495792 4396873128088665925 n30 වන සුමති සම්මාන උළෙලේ හොඳම සහය නළුවා රොජර් සෙනෙවිරත්න 

 

හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය සම්මානය දිනා ගනු ලැබුයේ සේමිණි ඉද්දමල්ගොඩ යි. ස්වාධින රූපවාහිනී සේවයේ විකාශය වූ ‘තප්පරයක් දෙන්න’ ටෙලි නාට්‍යයේ ඇය නිරූපණය කළ ‘බ්‍රිජට් සිල්වා’ චරිතය වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමි වූවා.

 

Semini iddamalghoda

 

30 වන සුමති සම්මාන උළෙලේ වසරේ 'නැගී එන ටෙලි නාට්‍ය නළුවා' ලෙස සම්මාන හිමි කර ගැනීමට කසුන් තාරක රත්නපාල සමත් උනා. ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ 'take care' ටෙලි නාට්‍යයේ ඔහු නිරූපණය කළ ‘කසුන්’ ගේ චරිතය වෙනුවෙනි ඔහුට මෙම සමමානය හිමි වූයේ.

වසරේ 'නැගී එන ටෙලි නාට්‍ය නිළිය' ලෙස සම්මාන හිමි කර ගැනීමට නිම්මි මනෝහාරි සමත් වූවා. ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘වියළි’ ටෙලි නාට්‍යයේ ඇය නිරූපණය කළ ‘නයෝමිගේ’ චරිතය වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමි වූවා.

nimmi and kasun30 වන සුමත් සම්මාන උළෙලේ හොඳම නැගී එන නළුවා කසුන් තාරක රත්නපාල සහ නිළිය නිම්මි මනෝහාරි

 

මෙවර සම්මාන උළෙලේදී  කුසලතා සම්මාන දිවිත්වයක් ප්‍රධානය කරනු ලැබූ අතර එහිදී ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ‘Flat නොවන ෆ්ලැට්’ ටෙලිනාට්‍යයේ 'උර්මිලා' ගේ චරිතය වෙනුවෙන් රංජනී රාජ්මෝහන් රංගන ශිල්පිනිය සහ ‘තප්පරයක් දෙන්න’ ටෙලි නාට්‍යයේ “රූපා” නැමැති බන්ධනාගර නිළධාරිනියකගේ චරිතය නිරූපණය කරමින් දැක්වූ දක්ෂතාවය වෙනුවෙන් මාදනී මල්වත්තගේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවා.

 

Madani and ranjani30 වන සුමති සම්මාන උළෙලේදී මාධනී මල්වත්තගේ සහ රංජනී රාජ්මෝහන් කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවා. 

 

2024 වර්ෂයේ හොඳම ප්‍රාසාංගික ටෙලි නාට්‍යය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ රුවන් රණවීර නිෂ්පාදනය කළ  ‘තප්පරයක් දෙන්න’ ටෙලි නාට්‍යයයි.

487363997 10163064472868028 1036509325674915534 n

 

වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට පත් වූයේ හිරු tv නාලිකාවේ විකාශය වූ ‘පාට කුරුල්ලෝ’ ටෙලි නාට්‍යයයි.

pata kurullo

 

 

හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ‘තප්පරයක් දෙන්න’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ සුපුන් රත්නායකයි.

supun rathnayaka

 

හොඳම ටෙලි නාට්‍ය තිර රචනයට ට හිමි සම්මානය ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ වූ ‘තප්පරයක් දෙන්න’ ටෙලි නාට්‍යයේ තිර රචනය වෙනුවෙන් රසික සුරවීරාඅරච්චි හට හිමි වූවා.

 

'හොඳම ටෙලි නාට්‍ය  ගීත රචනය' සම්මානය ජාතික රූපවාහිනියේ විකාශය වූ වියළි ටෙලි නාට්‍යයේ  “වෑ කල ගෙඩියේ මුව විට උතුරා වහින්න වහින්න වැස්සක්” ගීතය රචනා කළ ගයා රම්‍ය අල්විස් මහතා වෙනුවෙනි.

'හොඳම ටෙලි නාට්‍ය ගීත ගායනය' ට හිමි සම්මානය ද ‘වියළි’ ටෙලි නාට්‍යයේ “වෑ කල ගෙඩියේ මුව විට උතුරා වහින්න වහින්න වැස්සක්” ගීතය ගායනා කළ රිත්මිකා මධුභාෂිණී සහ තුසිත් සිම්සන් විසින් දිනා ගනු ලැබුවා.

 

(ඡායාරූප උපුටා ගැනීම 'Sumathi Awards' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

kemadasa

Back to top
Go to bottom