lan englan tam

පුවත්

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක කුසුම් චන්ද්‍ර ගමගේ දිවි ගමන නිම කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, පිටපත් රචකයෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ද වූ කුසුම් චන්ද්‍ර ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 79 වන වියේ පසු වූවා.

"ජයශක්ති, මුතු සළඹ, ආත්ම වර්ෂා, නෝ ප්‍රොබ්ලම් ඩාලිං, ඉන්ස්පැක්ටර් ගීතා, ෆ්‍රස්ට් ලව් පුජා, විජ්‍රයග්‍රහණය. වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක් කුසුම් චන්ද්‍ර ගමගේ මහතා විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා.

එමෙන්ම පූර්ණිමා, සුමේරු, නිසංසලා ආදී ටෙලි නාට්‍ය රැසක් ද අධ්‍යක්ෂණය කර ඇති ඔහු කුණ්ඩල කේසි, සක්විති රජ, මරුසිරා ඇතුළු වේදිකා නාට්‍ය රැසක ද නිර්මාණකරුවායි.

කුසුම් චන්ද්‍ර ගමගේ මහතාගේ දේහය කොස්ගම පහළගොඩගම ඒ මහතාගේ නිවසේ තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන අඟහරුවාදා (12) කොස්ගම සුදුවැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරෙනු ඇති.

 

kemadasa

Back to top
Go to bottom