'තප්පරයක් දෙන්න', 'ලලයි ලිලයි ලයි', 'අඩෝ', 'තුම්පනේ', 'මෙට්රෝ හීන', 'Human Errors', රහයි ජීවිතේ' වැනි ජනප්‍රිය ටෙලි නිර්මාණ රැසක අධ්‍යක්ෂකවරයා වූ සුපුන් රත්නායකගේ නවතම ටෙලි නිර්මාණය "LBW",
එළඹෙන සැප්තැම්බර් 20 වනදා සිට සෑම සති අන්තයකම රාත්‍රී 8.30 ට, ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වන්නට නියමිතයි.

ක්‍රිකට් ක්‍රීඩාව පාදක කර ගත් තේමාවක් යටතේ දිවෙන මෙම මෙම ටෙලි නාට්‍යය කඩුල්ලට පෙර ජීවිතය, ඉත්තෑවෙකුගේ කතා වස්තුව ලෙස ද නම් කොට තිබෙනවා.
රන්දික ගුණතිලක, උමාලි තිලකරත්න, ශ්‍යාම් ප්‍රනාන්දු, නදීෂා හේමමාලි, පුබුදු චතුරංග, රොජර් සෙනෙවිරත්න, නිරෝෂන් විජේසිංහ, ජෙනට් ඇන්තනී, දිදුල ඉඳුවර, රෙබෙකා දිල්රුක්ශි, මැල්කම් මචාඩෝ, ග්‍රේස් ආරියවිමල් වැනි ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මීට රංගනයෙන් දායක වී තිබෙනවා.
‘LBW’ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරනු ලබන්නේ සාරංග විජයරත්න විසින් වන අතර මෙහි පිටපත කැලුම් වැලිගම විසිනි.
මෙහි විධායක නිෂ්පාදනය සුදේව හෙට්ටිආරච්චි විසින් වන අතර සංගීත අධ්‍යක්ෂණය දිනේෂ් සුභසිංහ විසිනි.
වීඩියෝව නරඹන්න පහතින්>>















