lan englan tam

පුවත්

ශ්‍රී ලාංකික නිර්මාණවේදිනියකගේ විලාසිතා එකතුවක් ප්‍රථම වරට ප්‍රංශ විලාසිතා සතියේදී එලිදැක්වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලොව ප්‍රමුඛ විලාසිතා වේදිකාවක් ලෙස සැලකෙන පැරිස් විලාසිතා සතියේදී (Paris Fashion Week) 2025 ශ්‍රී ලාංකික විලාසිතා නිර්මාණවේදිනියක වන චතුරි සමරවීරගේ විලාසිතා එකතුවක් සුවිශේෂී ආකර්ෂණයක් හිමි කර ගනිමින් එළි දැක්වුණා.

ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු මෙවැනි ජාත්‍යන්තර විලාසිතා උළෙලෙකදී සිය නිර්මාණ එළිදක්වන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර මෙය ශ්‍රී ලංකාවට මහත් ආඩම්බරයක් ගෙනදුන් අවස්ථාවක් බවට පත් වූවා.

විලාසිතා දැක්මේදී චතුරි සමරවීරගේ ‘Spring/Summer 2026 collection’ අලංකාර කාන්තා ඇඳුම් විලාසිතා එකතුව එළිදක්වා තිබුණු අතර, මෙම නිර්මාණ සදහා බැලියරික් දූපත්වල (Balearic Islands)ඇති විශ්මයජනක ස්වභාව සෞන්දර්යයෙන් අභාෂය ලබා තිබෙන බවයි සදහන් වන්නේ.

මෙම විලාසිතා දැක්ම පැරිසියේ Hotel Le Marois, Paris හී දී පැවැත්වූ අතර, විලාසිතා කර්මාන්තයේ වෘත්තිකයන් සහ හවුල්කරුවන් සියයකට අධික සංඛ්‍යාවක් මීට එක්ව සිටිය බවයි වාර්තා වන්නේ.

චතුරි සමරවීර 'ANAYA Collection'හි නිර්මාතෘ සහ කලාත්මක අධ්‍යක්ෂිකාව වන අතර, මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ඇයට ප්‍රංශ තානාපති කාර්‍යාලය සිය සුබ පැතුම් එක් කර තිබුණේ අන්තර්ජාතික විලාසිතා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන ආ අවස්ථාවක් ලෙස සඳහන් කරමින්.

ශ්‍රී ලංකාවේ සිට ලොව ප්‍රමුඛතම ගෝලීය වේදිකාවක් දක්වා චතුරි සමරවීරගේ මෙම විලාසිතා ක්ෂේත්‍රයේ ගමන් මග ඇයගේ දැක්ම, නිර්මාණශීලීත්වය, කැපවීම පිළිබඳව මනා සාක්ෂියක් ලෙස හැදින්විය හැකියි.

 

image dfb4c1ac9d

image 691445367d

image adb41d96b3

image 5f2dd5660f

image cecb1040b2

kemadasa

Back to top
Go to bottom