ස්වීඩන් රාජකීය විද්‍යා ඇකඩමිය විසින් පිරිනමනු ලබන,
2025 වසර සදහා සාහිත්‍ය වෙනුවෙන් පිදෙන නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට හංගේරියානු ජාතික ලේඛක ලාස්ලෝ ක්‍රස්නහෝර්කායි ( Laszlo Krasznahorkai) සමත් වී තිබෙනවා.
අද (09) දිනයේ මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ස්වීඩන් රාජකීය විද්‍යා ඇකඩමිය සඳහන් කොට ඇත්තේ ,
"2025 සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය හංගේරියානු කතුවරයෙකු වන ලාස්ලෝ ක්‍රස්නහෝර්කායි වෙත පිරිනමනු ලබන්නේ, එළිදරව් භීෂණය මධ්‍යයේ, කලාවේ බලය නැවත තහවුරු කරන ඔහුගේ බලගතු සහ දූරදර්ශී කාර්යය වෙනුවෙනි” යන ලෙසයි.
මෙම ත්‍යාගයට ස්වීඩන් krona මිලියන 11 ක (ඩොලර් මිලියන 1.7) මුදල් ත්‍යාගයක් ඇතුළත් වනවා.
මේ වන 71 වන වියේ පසුවන ලාස්ලෝ ක්‍රස්නහෝර්කායි සාහිත්‍ය සඳහා නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනා ගත් දෙවන හංගේරියානු ජාතිකයායි.
‘Sátántangó’, ‘The Melancholy of Resistance’, ‘War & War’ .... වැනි සම්භාව්‍ය කෘතීන් ඔහුගේ නාමය සාහිත්‍යයේ ලෝකයේ ප්‍රමුඛ තැනකට ගෙනයාමට සමත් වූ අතර ඔහු තිර රචකයෙකු ලෙසද ප්‍රකටයි.
ක්‍රස්නහෝර්කායි විසින් රචිත ප්‍රථම කෘතිය වන 'Satantango' සහ 'The Melancholy of Resistance' යන කෘතීන් සිනමාවට ද නැගී තිබෙනවා.
එමෙන්ම ක්‍රස්නහෝර්කායි2015 වසරේදී මෑන් බුකර් ජාත්‍යන්තර ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවා.
















