‘නිනෝ ලයිවු’ සිනමාපටය ඔබ වෙත ගෙන ආ තිසර ඉඹුලාන විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය වන "මෝඩ තරිඳු" සිංහල චිත්‍රපටය,
අද සිට (ඔක්තෝම්බර් 10) දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වෙනවා.
සුර්යා දයාරුවන් ප්‍රධාන චරිතය නිරූපණය කරන මේ චිත්‍රපටයට,
කෞශල්‍යයා ප්‍රනාන්දු, ධනුක ඩිල්ෂාන්, ශනුද්‍රි ප්‍රියසාද්, ශෙහානි කහඳවල, සේවියර් කණිෂ්ක, නිල්මිණි කෝට්ටෙගොඩ, නිමල් ජයසිංහ, උපාලි සිල්වා, නිල්මිණි සිගේරා, චතුර රාජපක්ෂ, ශාක්‍ය ශ්‍රීවර්ධන... ඇතුළු ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.
"මෝඩ තරිඳු" චිත්‍රපටයේ තිර රචනය සිදු කළේ තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන විසින්.
කැමරාකරණය හසිත වර්ණසූරිය විසින් වන අතර චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Thisara Imbulana Films & Villa19 මගිනි.
පහතින් දැක්වෙන්නේ පළමු සතිය තුළ (ඔක්තෝබර් 10 -16) දක්වා චිත්‍රපටය නැරඹිය හැකි සිනමා ශාලා පිළිබඳව විස්තර සටහනකි.
ඔබත් ළඟම සිනමා ශාලාවේදී මෝඩ තරිඳු නරඹන්නට එක්වන්න.
(පහත ඡායාරූප මත click කිරීමෙන් විශාල කොට නැරඹිය හැකිය)
https://mirrorarts.lk/news/11768-2025-10-10-02-08-29#sigProId2a5e9a60bc















