ලංකාවේ අතිශය ජනප්‍රිය ගීත රූප රචනා (music video) අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම තරුණ චිත්‍රපට නිර්මාණකරුවෙක් ද වන සංදේශ් බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කරන “ප්‍රෑන්ක්” (Prank) නවතම සිංහල චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා නවලෝක “Ambassoder” ශාලාවේදී පැවැත්වුණා.
‘Prank’ යනු සිනමාවට නැගෙන නවතම ‘thriller’ , ‘romance’ ශානරයන්ගෙ එකතුවෙන් නිර්මාණය වන චිත්‍රපටයක් වන අතර, මෙය බුද්ධික සේමසිංහගේ තිර රචනයකි.
මීට රංගනයෙන් අශාන් විජේසූරිය, අංජලී ජයසිංහ, රොශාන් පිලපිටිය, ශාරද් චන්දුම, කිශූ ගෝමස්, සුහන්දි වෝශදී, දේවින්ද වික්‍රමසිංහ.... ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් එක් වෙනවා.
සමාජ මාධ්‍යවල ඉතා ජනප්‍රිය චරිත දෙකක් චිත්‍රපටයයේ කතාවට කේන්ද්‍ර වන අතර,
ඔවුන්ට සමාජ මාධ්‍ය හරහාම ජාත්‍යන්තරයට යාමට ලැබෙන අවස්ථාවක්, පාරාවලල්ලක් වී ඔවුන් වෙත අසීමිත කරදර රාශියක් ගෙන එයි. පසුව ඔවුන් ඒවායින් එකින් එක ගැලවෙන්නට දරණ අසීමිත උත්සාහයයි “පෑන්ක්” චිත්‍රපටයෙන් නිරූපණය වන්නේ.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ගයා ඒකනායක විසින් වන අතර, කැමරාකරණයෙන් - දිනුක චමෝද්, සහාය අධ්‍යක්ෂණයෙන් - රොෂාන් ජයසුන්දර, කලා අධ්‍යක්ෂණයෙන් - අශාන් දිනුක, වේශ ණිරූපණයෙන්- විශ්වනාත් විජේසූරිය, සංගීතය - ධනංජය රුක්ශාන් විසින්ද, නිෂ්පාදන කලමණාකරණයෙන්- නිෂාන්ත සිංහලගේ එක්වන අතර චිත්‍රපටයේ ගීත රචනය - බන්ධුල නානායක්කාරවසම් විසිනි.
පහතින් දැක්වෙන්නේ පසුගියදා, නවලෝක “Ambassoder” ශාලාවේදී පැවැති චිත්‍රපටයේ මුහුරත් උළෙලේ විශේෂ අවස්ථා කිහිපයක්.
(ඡායාරූප හිමිකම 'Shifter Photography' සතුය. )
(පහත ඡායාරූප මත click කිරීමෙන් විශාල කොට නැරඹිය හැකිය)
https://casite-737679.cloudaccess.net/news/11772-2025-10-10-11-38-15#sigProId88019d7039















