lan englan tam

පුවත්

Meta AI හි අලුත්ම හඬ සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් මෙටා(Meta) සමාගම සමඟ එක් වෙමින් එහි කෘතිම බුද්ධි වේදිකාව වන (Meta AI) සදහා ඇගේ හඬ දායකත්වය ලබා දී තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් හයක් සඳහා Meta AI හි අලුත්ම හඬ ලෙස ඇගේ හඬ එක්වනු ඇති. 

දීපිකා පදුකෝන් විසින් මෙම පුවත සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ වීඩියෝවක් මඟින් නිවේදනය කළ අතර, එහි මේ සඳහා ඇගේ හඩ පටිගත කරන ආකාරය දැක්වුණා. 

එහි ඇය පවසා සිටින්නේ,

"හායි, මම දීපිකා පදුකෝන්. මමයි මෙටා AI හි නව හඬ. ඉතින් මුද්ද තට්ටු කරන්න, එවිට මගේ හඬ විවර වේවි," යනුවෙනි. 

 

එමෙන්ම ඇය මේ පිළිබඳව සටහනක් එක් කරමින් සිය සතුට පළ කර තිබෙනවා.ඒ මේ අයුරින්, 

"හායි, ඉතින් මේක හරිම අපූරුයි කියලා මම හිතන්නේ! මම දැන් මෙටා AI හි කොටසක් වන අතර ඔබට ඉන්දියාව, එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා ඉංග්‍රීසි භාෂාවෙන් මගේ හඬ සමඟ කතාබස් කළ හැකිය. “එය උත්සාහ කර ඔබ සිතන්නේ කුමක්දැයි මට දන්වන්න" යනුවෙනි.

දීපිකා පදුකෝන්ගේ මෙම එක්වීමත් සමග Meta AI සඳහා එක්වූ පළමු ඉන්දියානු හඬ බවට ඇයගේ හඬ පත්වන අතර මේ වන විට ලොව සුප්‍රකට චරිත වන Judi Dench, John Cena, Awkwafina, Keegan-Michael Key සහ Kristen Bell යන අයගේ හඬවල් ද මෙම තාක්ෂණය සදහා එක් කොට තිබෙනවා.

 

kemadasa

Back to top
Go to bottom