අතිශය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මේ දින වල දිවයින පුරා තිරගත වන ‘නීරා’ චිත්‍රපටය සිය සිනමා ගමනේ තවත් සන්ධිස්ථානයක් සටහන් කිරීමට සමත් වී තිබෙනවා.
ඒ දින 26 ක් තුළදී කෝටි 10 ( (ලක්ෂ 1000) ඉක්මවා ගිය ආදායමක් වාර්තා කිරීමට සමත් වෙමින්.
‘නීරා’ චිත්‍රපටය වාසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කළ අතර මීට පෙර ඔහු විසින් අධ්‍යක්ෂණය කළ "විසල් ආදරේ" චිත්‍රපටය දින 45කින් තැබූ මෙම ආදායම් වාර්තාව, "නීරා" දින 26ක් වැනි කෙටි කලකින් අභිබවා යන්නට සමත් වීම සුවිශේෂත්වයක්.
එමෙන්ම ‘නීරා’ චිත්‍රපටය පසුගිය සෙනසුරාදා සහ ඉරිදා (ඔක්. 11/12) දිනවලදී පමණක්, Housefull දර්ශන වාර 80ක් සටහන් වී ඇති අතර,
පසුගිය ඉරිදා (ඔක්. 12), චිත්‍රපටයේ වැඩිම දෛනික ආදායම වාර්තා කරමින්, එක් දිනක් තුළ ප්‍රේක්ෂකයන් 18,101ක් සමඟින් රුපියල් ලක්ෂ 100 ක ආදායමක් ලබා ගෙන තිබෙනවා.
චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම මේ පිළිබඳව නිවේදනය කරමින් සදහන් කරන්නේ මෙම ඉලක්කම්, හුදෙක් සංඛ්‍යා නොව, මේ සිනමා අත්දැකීම ඔබ කොතරම් ප්‍රේක්ෂක හදවතට සමීප කරගෙන ඇත්ද යන්නට සාක්ෂි දරන බවයි. මේ ගෞරවයේ නියම හිමිකරුවන් ආදරණීය ප්‍රේක්ෂකයන් වන අතර, මේ අවස්ථාවේ ඔවුනට සිය හදපිරි ප්‍රණාමය පිරිනමන බවත්ය.
‘නීරා’ චිත්‍රපටයේ තිර පිටපත සම්මානනීය ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ විසින් රචනා කළ අතර මෙහි සංගීත අධයක්ෂණය යසස් මැදගෙදර විසිනි.
ජනප්‍රිය රංගන ශිල්පීන් වන ශනුද්‍රි ප්‍රියසාද්, කසුනි කාවින්දි, සෙනිත් ගජවීර, පියුමාලී එදිරිසිංහ... මෙහි ප්‍රධාන චරිත සදහා රංගනයෙන් එක්වනවා.
චිත්‍රපටය නිෂ්පාදනය කළේ ලාලින්ද විජේවික්‍රම සහ හිරුණි සිතාරා බදුගේ විසින්.
ප්‍රේක්ෂක ඔබට දැන් ළඟම සිනමා ශාලාවේදී “ නීරා” චිත්‍රපටය නරඹන්නට එක්විය හැකියි.















