lan englan tam

පුවත්

44 වන සිග්නීස් ටෙලි - සිනමා සම්මාන උලෙල (2025) : සම්මාන ලාභීන්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චිත්‍රපට සහ රූපවාහිනී විශිෂ්ඨත්වය සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් කීර්තිමත්ම පිළිගැනීමක් වන සිග්නීස් ටෙලි සිනමා - උළෙල (2025) ඊයේ (01) සවස කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

සම්මාන උළෙල මෙවර පැවැත්වුනේ 44 වන වරට වන අතර 2023 සහ 2024 යන වර්ෂ වල ටෙලි හා සිනමා නිර්මාණ අගයමින් මෙහිදී සම්මාන ප්‍රධානය සිදු විය.

මතු දක්වෙන්නේ සම්මානලාභීන් පිළිබඳව විස්තරයි.

 

44 වන සිග්නිස් ටෙලි-සිනමා සම්මාන උළෙලේ 2024 වර්ෂයේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ මාක් ටෙසියර් සමඟින් ලක්ෂාන් අබේනායක එක්ව නිෂ්පාදනය කළ “දූස්රා” චිත්‍රපටයයි.

 

maxresdefault 5

 

2023 වර්ෂයේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ සුනිල් ටී. ප්‍රනාන්දු, නිර්මාණ බණ්ඩාර, චන්න දේශප්‍රිය සහ රසිත ජිනසේන නිෂ්පාදනය කළ “රහස් කියන කඳු” චිත්‍රපටයයි.

Rahas Kiyana Kandu 1280x800

573275005 1387786393357601 3428935285371378608 n

 

 2024 වර්ෂයේ හොඳම ටෙලිනාට්‍යය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වූ කිත්සිරි ඇලෙක්සැන්ඩර් කුරේ නිෂ්පාදනය කළ “සුසුම් රස්තියාදුව”ටෙලිනාට්‍යයි.

maxresdefault 6

 

සිග්නිස් ටෙලි-සිනමා සම්මාන උළෙලේ 2023 වර්ෂයේ හොඳම ටෙලි නාට්‍යය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ වසන්ත කන්නංගර  නිෂ්පාදනය කළ “එයා දැන් බැඳලා” ටෙලි නාට්‍යයයි.

574044965 1387783566691217 2904650467040099781 n 1

 

“සිහින සමීකරණ” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සජිත ඇන්තනී (2024) වර්ෂයේ හොඳම නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. (සිනමා)

 

559701975 1416383253186264 5137786619276993669 n

 

“රහස් කියන කඳු” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සරත් කොතලාවල (2023) වර්ෂයේ හොඳම නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. (සිනමා)

574279981 1387763373359903 4392863974573157440 n

 

“සුසුම් රස්තියාදුව” ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් “විශ්වජිත් ගුණසේකර” (2024) වර්ෂයේ හොඳම නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. (ටෙලි)

574375794 1387767096692864 7010463403726231628 n

 

“එයා දැන් බැදලා” ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් “මහේන්ද්‍ර පෙරේරා” (2023) වර්ෂයේ හොඳම නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. (ටෙලි)

573385674 1387759386693635 7710195633915324459 n

 

“දූස්රා” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් තිලක්ෂිණී රත්නායක (2024) වර්ෂයේ හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. (සිනමා)

574374729 1387757760027131 890853581646746772 n

 

“වෙඩි නොවදින ළමයි” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් අන්සුයා සුබසිංහ (2023) වර්ෂයේ හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. (සිනමා)

572967574 1387753290027578 6995062501890504308 n

 

Take Care” ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් “දිනක්ෂි ප්‍රියසාද්” (2024) වර්ෂයේ හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.(ටෙලි)

572781855 1387755343360706 4916050183925626230 n

 

“එයා දැන් බැදලා” ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් “සේමිණී ඉද්දමල්ගොඩ” (2023) වසරේ හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. (ටෙලි)

571581767 1387751486694425 1546888019498863088 n

 

“දූස්රා” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් “සජිත ඇන්තනී” (2024) වර්ෂයේ හොඳම සහය නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.(සිනමා)

channels4 profile 1

 

 

චින්තන ධර්මදාස සහ මුවිදු බිනෝයි අධ්‍යක්ෂණය කළ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ “මීයා” ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් ,“ඉසුරු ලොකුහෙට්ටිආරච්චි” (2024) වර්ෂයේ හොඳම සහය නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. (ටෙලි)

573059237 1387733810029526 9113207416546431702 n

 

“රහස් කියන කඳු” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් “සම්පත් ජයවීර” (2023) වර්ෂයේ හොඳම සහය නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. (සිනමා)

573870266 26009516075315362 1377097804482145543 n

 

“එයා දැන් බැඳලා” ටෙලි නාටයේ රංගනය වෙනුවෙන් “ප්‍රදීප් රාමවික්‍රම” (2023) වර්ෂයේ හොඳම සහය නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. (ටෙලි)

574898115 1387730416696532 8172148954748902246 n

 

 

“සිහින නෙළුම් මල්” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් උමාලි තිලකරත්න (2024) වර්ෂයේ හොඳම සහය නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. (සිනමා)

521943722 1287469366080893 8661783381606616519 n

 

“සුසුම් රස්තියාදුව” ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් චාන්දනී සෙනෙවිරත්න (2024) වර්ෂයේ හොඳම සහය නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. (ටෙලි)

320760524 945138110203850 6723683044516209634 n

 

“වෙඩි නොවදින ළමයි” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ප්‍රබෝධිනී චන්ද්‍රසේන (2023) වර්ෂයේ හොඳම සහය නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. (සිනමා)

575058764 1387723726697201 3127433830789740542 n

 

චන්දන ජයසිංහ හා සුරාජ් මාපා අධ්‍යක්ෂණය කළ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වූ “නොනිමි” ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් තිලක්ෂිණී රත්නායක (2023) වර්ෂයේ හොඳම සහය නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. (ටෙලි)

574869967 1387721830030724 2940552536624819561 n

 

44 වන සිග්නිස් ටෙලි-සිනමා සම්මාන උළෙලේදී  ‘දූස්රා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් චන්න දේශප්‍රිය (2024) වර්ෂයේ හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. (සිනමා)

573622071 1387781413358099 4136449803006153036 n 1

 

Take Care” ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් අනුශ්ක රසාංජනද සිල්වා (2024) වර්ෂයේ හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. (ටෙලි)

574068317 1387778653358375 8482773664837873202 n 1

 

“වෙඩි නොවදින ළමයි” චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් ඉන්දික ෆර්ඩිනැන්ඩෝ (2023) වර්ෂයේ හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. (සිනමා)

Indika Ferdinando

 

 

 ජූරියේ විශේෂ සම්මාන ඇතුළු අනෙක් සම්මාන බෙදී ගිය ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තර සඳහා "SIGNIS SRI LANKA" ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න. 

මූලාශ්‍රය හා ඡායාරූප 'SIGNIS SRI LANKA' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි

 

 

 

kemadasa

Back to top
Go to bottom