සුදර්ශන් රවීන්ද්‍රන් හා මිෂෙල් දිල්හාරා ප්‍රධාන චරිත වලින් රංගනයෙන් එක්වන "අදිරන්"ශ්‍රී ලාංකික දමිළ චිත්‍රපටය එළඹෙන නොවැම්බර් 28 වනදා සිට සිංහල හා දමිළ භාෂා ද්විත්වයෙන්ම දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතයි.
සුදර්ශන් රවීන්ද්‍රන්, මිෂෙල් දිල්හාරා සමගින් එල් රෝයි අමලතාස්, ක්‍රිශාන් විනෝදන්, ශ්‍යාමලා නිරංජන්, අරුන් සුසීන්, ජමාල්ඩීන් මුසාමිල්, සෙල්වරාජ් ලීලා, දුලාෂි කෝන්හගවත්ත, ඩිලාන් බාලකුමාර්, ශ්‍යාමලා නිරංජන ඇතුළු ජනප්‍රිය නළු නිළියන් පිරිසක් මීට රංගනයෙන් එක්වෙනවා.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහළින්>>
"අදිරන්" චිත්‍රපටය අධ්‍යක්ෂණය හා තිර රචනය ලාංකීය දමිළ මාධ්‍ය ක්ෂේත්‍රයේ ද අත්දැකීම් බහුල නිර්මාණවේදියෙකු වන තිනේෂ් කනගරාජ් විසින්.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ඇන්ටන් රමේෂ් ඩෙලසෙල්ෆ් විසින් වන අතර, අදිරන් ප්‍රඩක්ෂන් පෞද්ගලික සමාගමේ ඉදිරිපත් කිරීමක් ලෙසයි චිත්‍රපටය රිදී තිරයට පැමිණෙන්නේ.
100% ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ නිර්මාණයක් වන "අදිරන්" චිත්‍රපටය නරඹන්නට නොවැම්බර් 28 වනදා පටන් ඔබත් එක්වන්න.
තොරතුරු - Anton j.Fernando
මතු දැක්වෙන්නේ 28 වනදා සිට චිත්‍රපටය තිරගත වන සිනමා ශලා පිළිබඳව සටහනක්.
















