අද (16) දින ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් හීදී පැවති 16 වන වාර්ෂික ආණ්ඩුකාර සම්මාන උළෙලේදී (Governors Awards),
සුප්‍රකට හොලිවුඩ් නළු ටොම් කෲස් හට 'ඔස්කාර් ගෞරව සම්මානය' (honorary Oscar award) පිරිනමනු ලැබ තිබෙනවා.
මෙහිදී ‘ඇකඩමි ගෞරව සම්මානය’ ටොම් කෲස් හට පිරිණමනු ලැබුවේ ඔස්කාර් සම්මනලාභී සිනමා අධ්‍යක්ෂක Alejandro G. Inarritu විසින් අතර, සම්මානය ලබා ගැනීමෙන් පසු ටොම් කෲස් විසින් සංවේදී අදහස් දැක්වීමක් ද සිදු කරනු ලැබූවා.

මෙම ඔස්කාර් ගෞරව සම්මානය ටොම් කෲස්ගේ සිනමා දිවියේ ප්‍රථම ඇකඩමි සම්මානයද වන අතර මීට පෙර සිවු වතාවක් ඔහු ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වී තිබෙනවා.
එමෙන්ම, මෙවර ටොම් කෲස් සමඟ ප්‍රකට ඇමරිකානු නර්තන ශිල්පිනියක් සහ නිළියක වන ඩෙබී ඇලන් සහ නිෂ්පාදන නිර්මාණකරු වින් තෝමස් ද ඇකඩමි ගෞරව සම්මානයෙන් (honorary Oscar award) පිදුම් ලැබූ අතර,
ප්‍රකට ඇමරිකානු ගායිකාවක හා සංගීතවේදිනියක වන ඩොලී පාර්ටන් හට (ජීන් හර්ෂෝල්ට් මානුෂීය සම්මානයෙන්) පිදුම් ලැබුවා.
ටොම් කෲස් සමඟ ප්‍රකට ඇමරිකානු නර්තන ශිල්පිනියක් සහ නිළියක වන ඩෙබී ඇලන් සහ නිෂ්පාදන නිර්මාණකරු වින් තෝමස් 'ඔස්කාර් ගෞරව සම්මානය' අතැතිව.
සිය දිවියේ සිනමා හා කලා ක්ෂේත්‍රය වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් කල ශිල්පීන් වෙනුවෙන් ඔස්කාර් ගෞරව සම්මානය (honorary Oscar award) පිරිනැමෙන අතර මීට පෙර මෙම සම්මානයෙන් පිදුම් ලැබූවන් අතර චාර්ලි චැපිලින්, වෝල්ට් ඩිස්නි, D.W. ග්‍රිෆිත් වැනි සිනමා හා කලා ක්ෂේත්‍රයේ පුරාවෘතමය චරිත ඇතුළත් වෙනවා.
ඒ අනුව සුපිරි හොලිවුඩ් නළු ටොම් කෲස් මෙම සම්මානයෙන් පිදුම් ලැබීමත් සමග සිනමාවේ හා කලා ක්ෂේත්‍රයේ විශිෂ්ටයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වනවා.















