lan englan tam

පුවත්

දෙසැම්බර් 11 වනදා සිට එන Roven Atkinson ගේ අලුත්ම ප්‍රහසන කතා මාලාව “Man vs Baby”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 “Mr.Bean”, “Johnny English”.. වැනි චිත්‍රපට හරහා ලොව පුරා ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්,

ප්‍රහසන රංග කලාවේ දැවැන්තයෙකු වන බ්‍රිතාන්‍ය රංගන ශිල්පී Roven Atkinson ගේ නවතම ප්‍රහසන (comedy) නිර්මාණය තමයි “Man vs Baby” කියන්නේ.

 

MV5BMzdjYWJiYTMtZDg3NC00ZTgxLTkyYzQtZTM0ZjdlMTgxZDg3XkEyXkFqcGc. V1 FMjpg UX1000

 

කොටස් 4 කින් යුත් රූපවාහිනී කෙටි කතා මාලාවක් ලෙස දිගහැරෙන මෙය 2025 දෙසැම්බර් 11 වනදා සිට ‘Netflix’ හරහා විකාශය වන්නට නියමිතයි.

මීට පෙර 2022 වසරේ විකාශය වූ “Man vs Bee” රූපවාහිනී කතා මාලාවේම අනුප්‍රාප්තිකයක් ලෙස දිග හැරෙන මෙහි කතාව ආරම්භ වන්නේ මේ ආකාරයටයි.

“Man vs Bee” අවුල් ජාලයෙන් පසු මෙහි ප්‍රධාන චරිතය වන ‘Trevor Bingley’ (Roven Atkinson නිරූපණය කරන) පාසල් භාරකරුවෙකු ලෙස නිහඩ රැකියාවක් ගත කරනවා. මෙහිදී නත්තල් දිනයේ පාසලේ පැවැත්වෙන නත්තල් උත්සවයකදී නිර්මාණය කර ඇති ජේසු උපන් ස්ථානයේදී ඔහුට අනපේක්ෂිත අමුත්තෙක් මුණ ගැසෙනවා. නත්තල් උත්සවය ඉවරවෙලා හැමෝම පිටවෙලා ගියත් මේ අමුත්තාව කාටවත් මතක් වෙන්නේ නෑ. මේ අමුත්තා වෙන කවුරුවත් නෙමේ කුඩා බිළිදෙක්.

ඉතින් මෙතැන් සිට මේ කුඩා බිළිඳා සමග ‘Trevor Bingley’ ගත කරන කාලසීමාව හා එහිදී අත් විදින්නට සිදුවන විනෝදජනක සිදුවීම් සමුදායක් වටා චිත්‍රපටයේ කතාව ගලා යනවා.

 

මේ කතා මාලාවේ තිර රචනය Roven Atkinson සහ William Davies විසින් සිදු කර තිබෙන අතර කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ David kerr විසින්.

ඉතින්, නැවතත් Roven Atkinson නම් ප්‍රහසන ලෝකයේ දැවැන්තයාගේ අපූර්ව රංගනයන් දැකගන්න ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට දෙසැම්බර් 11 වෙනිදා ඉදන් ‘Netflix’ හරහා අවස්ථාව උදා වෙනවා.

kemadasa

Back to top
Go to bottom