ශ්‍රී ලංකාවේ තරුණ කෙටි සිනමා කරුවන්ගේ සිනමා කෘති ඇගැයීමට ලක් කෙරෙන මෙරට ප්‍රමුඛතම සිනමා උලෙළ වන Agenda 14 කෙටි චිත්‍රපට උළෙල අදින් (04) ආරම්භ වෙනවා.
අඛණ්ඩව 15 වන වරට පැවැත්වෙන මෙවර කෙටි චිත්‍රපට උළෙල අද (04) සිට එළඹෙන 07 වනදා දක්වා කොළඹ, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී ( Goethe-Institut) හා ප්‍රංශ මිත්‍රත්ව සංගමය Alliance Francaise හීදී පැවැත්වීමට නියමිතයි.
මෙම දිනවල පෙ.ව. 10.00- ප.ව. 3.00 දක්වා Alliance Francaise හිදී සහ ප.ව. 3.30- ප.ව. 8.00 දක්වා Goethe-Institut හිදී චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සදහා විවෘත වේ.

මෙවර උලෙළ සඳහා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 16කින් තරගකරුවන් ඉදිරිපත්ව සිටින අතර උලෙළෙහි ප්‍රධාන සම්මානයක් වන ‘මතු බලාපොරොත්තු සපිරි සිනමාකරුවා සඳහා වන සම්මානය' (අවුරුදු 24 ට අඩු) සඳහා තරුණ සිනමාකරුවෝ 11 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති.
මෙවර ජූරියේ සභාපතිත්වය දරන්නේ ජගත් මනුවර්ණයි. ඔහු 2011 වසරේ පැවැත්වූ Agenda 14 ප්‍රථම සිනමා උලෙළෙහි හා 2012 පැවැත්වූ දෙවන සිනමා උලෙළෙහි හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය හිමි කරගත් සම්මානලාභියා වීම විශේෂ කරුණකි. අනෙකුත් ජූරි සභිකයන් වන්නේ කථිකාචාර්ය අතුල සමරකෝන්, සිනමා සංස්කාරක ශිල්පී සමන් ඇල්විටිගල, සිනමා විචාරක මුරලිදරන් මයුරන්, කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ අජන්තා විජේවර්ධන යන අයයි. දිනුකි පණ්ඩිතරත්න, උලෙළෙහි සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කරයි.
නූතන තරුණ නිර්මාණකරුවන් අතර ජනප්‍රිය ප්‍රකාශන මාධ්‍යක් බවට පත්ව ඇති කෙටි චිත්‍රපට කලාව ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සහ ඒ වෙනුවෙන් දිගු කලක් මුළුල්ලේ කැපවී සිටින සිනමාවේදිනියක වන අනෝමා රාජකරුණා, Agenda 14 සිනමා උලෙළෙහි නිර්මාතෘවරියයි. ඇය චිත්‍රපට අභිරක්ෂිකාවක සහ සිනමාකරණය පිළිබඳ ජාත්‍යන්තර තලයේ පුහුණුකාරිනියක ද වෙයි.
පහතින් දැක්වෙන්නේ අද (04) දින Agenda 14 චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනය වන කෙටි චිත්‍රපට පිළිබඳ විස්තර සටහනකි.
(සවස 06 ට, Goethe-Institut හීදී චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ වේ.)
Location - Goethe Institut - https://maps.app.goo.gl/8kG396yX9QWCbgnQ9?g_st=aw
















