ප්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලිනාට්‍ය නළුවෙකු වන නිහාල් ප්‍රනාන්දු මහතා අද (04) දින අභාවප්‍රාප්ත වි තිබෙනවා.
කලක් අසනීප තත්වයෙන් සිටි ඔහු මිය යන විට ඔහු 71 වන වියේ පසු උනා.
සයිමන් නවගත්තේගමගේ "ස්ත්‍රී" නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසි ඔහු "සුබ සහ යස", "සුදු සහ කළු", "ඒකාධිපති", "පණ්ඩුකාභය", "අංගාරා ගඟ ගළා බසී" ඇතුළු වේදිකා නාට්‍ය රැසක රංගනයෙන් දායක විය.
ටෙලිනාට්‍ය හරහා බොහෝ ජනප්‍රියත්වට පත් වූ ඔහු කඩවර", "රන්තාලිය වලව්ව", "තෙත් සහ වියලි", "ගෞතමී", "පින්න හරි සැරයි", "හැන්ඳෑවක්", "බොරදිය කඳුර", "තරු කැට අහුරක්"... වැනි ටෙලි නාටය රැසකම ප්‍රේක්ෂකයන්ට අමතක නොවන චරිත රැසකට පණ පෙවීමට සමත් විය.
තිස්ස අබේසේකරයන්ගේ "විරාගය" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු "උමයංගණා", "සුදු සෙවනැළි", "ආලෝකෝ උදපාදී" වැනි චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබා දුන්නා.
රංගන ශිල්පියෙකු ලෙස මෙන්ම ටෙලි නාට්‍ය තිර රචනයට හා අධ්‍යක්ෂණයට ද පිවිසුණු ඔහු "අඹරාවක්", "උඩුගංබලා", "නේරංජනා", "අන්තඃස්වරය", "වංශක්කාරයෝ", "කුලැත්තියෝ" සහ "අක්වැස්ස" වැනි ටෙලි නාට්‍ය රැසක් තිර රචනය කර අධ්‍යක්ෂණය කළා. 'ආමන්තය' චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වන්නේ ද ඔහුයි.
නිහාල් ප්‍රනාන්දු මහතාගේ දේහය අද (04) රාත්‍රී 7.00 සිට රාජගිරිය, The Last Honour අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු 2025 දෙසැම්බර් මස 05 වන දින (හෙට) සවස 5.30 ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කරනු ඇත.
ඡායාරූපය - ඡායාරූප ශිල්පී දයාන් විතාරණ විසින් ලබාගනු ලැබූවකි.















