1995 වර්ෂයේ තිරගත වූ බොලිවුඩ් සිනමාවේ සන්ධිස්ථානයක් බඳු වූ දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ (DDLJ) චිත්‍රපටය නිකුත් කර මේ වන විට වසර 30 ක් සම්පූර්ණ වෙලා තියෙනවා.
මෙය සමරමින් ඊයේ (04) දිනයේ 'DDLJ' චිත්‍රපටයේ (රාජ් සහ සිම්රන්) යුවළගේ ලෝකඩ පිළිරුවක් ලන්ඩනයේ ලෙයිස්ටර් චතුරශ්‍රයේදී (Leicester Square) විවෘත වුනා.

ඒ 'DDLJ' (1995) චිත්‍රපටයේ රාජ් - සිම්රන් චරිත වලට පණ දුන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහ ජනප්‍රිය සිනමා නිළි කාජල් ගේ සහභාගීත්වයෙන්.
ඉන්දියානු චිත්‍රපටයකට අදාලව Leicester චතුරස්‍රයේ ඉදිවූ පළමු ලෝකඩ ප්‍රතිමාව ලෙසයි මෙය සනිටුහන් වන්නේ.
මෙතැන් පටන් මෙම නව ප්‍රතිමාව ලෙයිස්ටර් චතුරස්‍රයේ දැනට ස්ථාපිත කර තිබෙන Harry potter, Mary popins, Paddington, Batman.. වැනි ජත්‍යන්තර සිනමාවේ ලෝකඩ ප්‍රතිමා නිර්මාණ අතරට එක්වනු ඇති.
ඉතින්,මෙය හින්දි සිනමාවට ආදරය කරන රසිකයන්ට තවත් අපූර්ව සිහිවටනයක් වනවා නොඅනුමානයි.
















