නෙට්ෆ්ලික්ස් (Netflix) සමාගම විසින් Warner Bros. Discovery සමාගමේ Warner Bros Film සහ streaming ව්‍යාපාර,
ඇමරිකානු ඩොලර් බිලියන 72 කට මිලදී ගැනීමට එකඟ වී ඇති බව හොලිවුඩයේ ප්‍රධාන ගණුදෙනුවක් ලෙස වාර්තා වෙනවා.
මෙම streaming දැවැන්තයා 'Parmount', 'Skydance' වැනි ප්‍රධාන සමාගම් සමග පැවති දැඩි තරගයකින් පසුවයි Warner Bros. සදහා සාර්ථක ලන්සුකරු බවට පත් වීමට සමත්ව ඇත්තේ.
Warner Bros. සතුව Harry potter, Game of thrones.. වැනි ප්‍රබල කතා මාලා වල අයිතිය පවතින අතර HBO Max යන streaming සේවාද අයිතිව පවතිනවා.

ඒ අනුව මෙම අත්කර ගැනීමෙන් විනෝදාස්වාද ක්ෂේත්‍රයේ (entertainment industry) නව දැවැන්තයෙකු බිහි වීමට නියමිත අතර, නමුත් මෙම ගණුදෙණුව සඳහා තවමත් තරගකාරී බලධාරීන්ගේ අනුමැතිය ලබා ගත යුතුව තිබෙනවා.
මෙහිදී ,නෙට්ෆ්ලික්ස් හි සම-ප්‍රධාන විධායක නිලධාරී ටෙඩ් සරන්ඩෝස් (Ted Sarandos) පැවසුවේ අවශ්‍ය නියාමන අනුමැතිය ලැබෙනු අතැයි තම Streaming සමාගම “ඉතා විශ්වාසයෙන්” සිටින බවත් ඒ සදහා “පූර්ණ වේගයෙන්” කටයුතු කරමින් සිටින බවත්ය.
වෝනර් බ්‍රදර්ස් හි වැඩසටහන් සහ චිත්‍රපට එකතුව නෙට්ෆ්ලික්ස් හි 'ස්ට්‍රේන්ජර් තින්ග්ස්' (Stranger Things) වැනි කතා මාලා සමඟ ඒකාබද්ධ කිරීමෙන්, "අපට ප්‍රේක්ෂකයන්ට ඔවුන් ආදරය කරන දේ තවත් ලබා දීමටත්, ඊළඟ සියවසේ කතන්දර කීම අර්ථ දැක්වීමටත් හැකි වනු ඇත," ඔහු පැවසීය.
"වෝනර් බ්‍රදර්ස් පසුගිය සියවසේ විනෝදාස්වාදය අර්ථ දැක්වූ අතර, අපට එක්ව ඊළඟ සියවස අර්ථ දැක්විය හැකියි," ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
HBO වෙනම streaming සේවාවක් ලෙස පැවතිය යුතුදැයි ඇසූ විට සම- විධායක නිලධාරී Greg Peters පැවසුවේ HBO සන්නාමය පාරිභෝගිකයින්ට වැදගත් බව නෙට්ෆ්ලික්ස් විශ්වාස කරන බවයි.
මෙහිදී ව්‍යාපාරවල සහාය සහ තාක්‍ෂණික ක්ෂේත්‍රවල අතිච්ඡාදනය (overlaps) ඉවත් කිරීම හරහා ඩොලර් බිලියන 2-3 ක ඉතිරියක් සොයා ගැනීමට Netflix ඇස්තමේන්තු කරයි.
වෝනර් බ්‍රදර්ස් හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් සැස්ලව් (David Zaslav) පැවසුවේ මෙම ගිවිසුම "ලෝකයේ ශ්‍රේෂ්ඨතම කතන්දර කීමේ සමාගම් දෙක" එකට එකතු කරනු ඇති බවයි.
"නෙට්ෆ්ලික්ස් සමඟ එක්වීමෙන්, ලොව පුරා සිටින ජනතාවට තව දුරටත් පරම්පරා ගණනාවක් සඳහා ලෝකයේ වඩාත්ම ප්‍රතිරාවය කරන කථා භුක්ති විඳීමට හැකි වන බවට අපි සහතික වන්නෙමු," ඔහු පැවසීය.
මෙම මුදල් සහ කොටස් ගනුදෙනුවේ වටිනාකම එක් වෝනර් බ්‍රදර්ස් කොටසක් සඳහා ඩොලර් 27.75 ක් වන අතර, සමස්ත ව්‍යවසාය වටිනාකම (සමාගමේ ණය සහ එහි කොටස් වටිනාකම ඇතුළුව) ඩොලර් බිලියන 82.7 ක් පමණ වේ. කොටස් වටිනාකම හෙවත් මුදල් මිල ඩොලර් බිලියන 72 කි.
මූලාශ්‍රය -bbc news















