lan englan tam

පුවත්

ලාංකීය ඡායාරූප ශිල්පී තිළිණ කළුතොටගේට ඉන්දීය සම්මාන උළෙලකදී විශේෂ ගෞරව සම්මානයක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට තරුණ ඡායාරූප මාධ්‍යවේදියෙකු වන තිලිණ කලුතොටගේ ඉන්දීය සම්මාන උළෙලකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂ ගෞරව සම්මානයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ ඉන්දියාවේ ප්‍රමුඛම සහ කීර්තිමත්ම, මෙන්ම ගෞරවනීයම වනජීවි සහ සංරක්ෂණ (Wildlife & Conservation) සම්මාන උලෙළක් වන "The Sanctuary Wildlife Photography Awards 2025" හීදීයි.

මෙම වාර්ශික සම්මාන උළෙලේදී පරිසරය වෙනුවෙන් කැප වූ විශිෂ්ට පරිසරවේදීන්, සංරක්ෂණවේදීන්, ගුරුවරුන් මෙන්ම තරුණ පරිසරවේදීන් ආදී රැසක් ඇගයිමට ලක් වූ අතර, ආසියාව තුළ ලබා ගත් විශිෂ්ට ඡායාරූප දස දහස් සංඛ්‍යාවක් මෙම Sanctuary Asia Photo Award සඳහා ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී තිලිණ කලුතොටගේ හට මෙම විශේෂ ගෞරව සම්මානය හිමි වූයේ ඔහු  විසින් ලබා ගත් "Blind Misadventure" නමින් නම් කෙරුණ ඡායාරූපයටයි.

 

595707709 1384265773063037 679797263679056697 nතිලිණ කලුතොටගේ හට ගෞරව සම්මානය හිමි වූ "Blind Misadventure" ඡායාරූපය

මෙම ඡායාරූපය මාතලේ, නාවුල ප්‍රදේශයේදී Relocation (නැවත ස්ථානගත කිරීම) සඳහා අල්ලාගත් වන අලියෙකුගේ ඡායාරූපයක් වන අතර, මෙම වන අලියා අන්ධ බවින් පෙළෙයි, ඔහු නාවුල ප්‍රදේශයේ වගා සහ නිවාස හානි කිරීම යන හේතු මත හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙනයෑම සඳහා ගම්මානයේ සිට අල්ලාගත් අවස්තාවක් මෙම ඡායාරූපයේ දක්නට ලැබේ.

මෙහි වන අලියාගේ කකුල් හතර ගස් හතරක ගැට ගසා ඇති අතර, ඔහුව ගෙන යාමට පැමිණි ට්‍රක් රථයක් සහ ඩෝසරයක් පසෙකින් දිස් වේ. වන අලියාගෙන් ගම්මානයට කෙසේ හානි වූවත් ඒ දෙස කනස්සලෙන් සහ උමතුවෙන් බලා සිටින ගම්වාසීන් විශාල පිරිසක් ද මෙම ඡායාරූපයේ දිස් වේ.

මෙම වාර්ෂික සම්මාන උළෙල Sanctuary Asia පදනමේ නිර්මාතෘ වන "Bittu Sahgal" මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ මුම්බායි හි ජාතික රංග කලා මධ්‍යස්ථානයේදී (NCPA) සම්මාන උළෙල පැවැත්වුණි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් ඡායාරූප මාධ්‍යවේදී තිලිණ කලුතොටගේ ට අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරන්නෙමු.

 

kemadasa

Back to top
Go to bottom