lan englan tam

පුවත්

සිනමා භීෂණයක ආරම්භය “ෆාදර්” අද (09) සිට දිවයින පුරා සිනමා ශාලා වලදී! (විස්තර මෙන්න)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට, 1970 -1990 දක්වා කාලසීමාව තුළ සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගෙන නිර්මාණය වූ චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ“Father - ෆාදර්” සිංහල චිත්‍රපටය අද(09) සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිර ගත වීම් ආරමිභ වෙනවා.

 

Father movie w large

 

කලකට පසුව ලංකාවේ සිනමාවට එක්වන Biopic කැටගරියට අයත්වන‘crime thriller’ වර්ගයේ චිත්‍රපටයක් වන මෙය ප්‍රේක්ෂකයාට වෙනස්ම අත්දැකීමක් ලබා දීමට සමත් චිත්‍රපටයක් බවයි විචාරකයන් අදහස් අදහස් පල කරන්නේ.

මෙම නිර්මාණය තවත් සුවිශේෂී වන්නේ මෙරට සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දක්ෂතම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් එකම තිරයකදී දැකගත හැකි වීමයි.

සෞම්‍ය ලියනගේ, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි. පූජන දන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න, සනත් විමලසිරි, සුරාජ් මාපා, සරත් කරුණාරත්න, අංජන ප්‍රේමරත්න සහ සේවියර් කණිෂ්ක... ඇතුළු පිරිසක් මීට රංගනයෙන් දායක වී තිබෙනවා.

 පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>

 

EMIKA PRODUCTION වෙනුවෙන් ශාන්ත ගීතදේව විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ තිර රචනය චාමර කොඩිතුවක්කු ගෙනි.

සත්‍ය සිදුවීම් පදනම් කරගත් කතා තේමාවකට ප්‍රබල සිනමාමය රූප රාමු එක් කිරීමට අධ්‍යක්ෂ චමින්ද ජයසූරිය ඇතුළු කණ්ඩායම කැප වී ඇත.

ඉතින්,අද සිට ප්‍රේක්ෂක ඔබත් ළඟම සිනමා ශලාවේදී “Father - ෆාදර්” නරඹන්නට එක්වන්න.

 

චිත්‍රපටය නැරඹිය හැකි සිනමා ශලා පිළිබඳ විස්තර සටහන පහතින්>>

611189147 122171122574755324 8937271413655349857 n

612085415 122171122724755324 217755426309537653 n

 

kemadasa

Back to top
Go to bottom