lan englan tam

පුවත්

පරම්පරා තුනක් එක් කළ නිළි රැජිනගේ අවසන් රංගනය ‘මලකි දුවේ නුඹ’ දැන් දිවයින පුරා සිනමා ශලා වලදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"ප්‍රේමයනම්","රූකඩ පැංචි" වැනි අපූර්ව සිනමා නිර්මාණ ඔබ වෙත ගෙන ආ කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ දෙසොහොයුරන්ගේ 3 වන සිනමා අධ්‍යක්ෂණය මලකි දුවේ නුඹ’ චිත්‍රපටය දැන් දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වෙනවා.

පසුගිය වසරේ අප අතරින් නික්ම ගිය හෙළ සිනමාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකා අවසන් වරට රංගනයෙන් දායක වූ චිත්‍රපටය වන්නේ ‘මලකි දුවේ නුඹ’  වන අතර,

චිත්‍රපටය තුළින් මාලිනී ෆොන්සේකා ඇගේ පරම්පරා දෙකක් සමඟ, පළමු වතාවට ෆොන්සේකා පරම්පරා තුනක් සිංහල සිනමාවේ දකින්නට ලැබෙනවා.

මාලනී ෆොන්සේකා, සමනලී ෆොන්සේකා, කුශේන්‍යා ෆොන්සේකා, ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන.. ඇතුළු රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායක වී තිබෙනවා.

පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>

 

පවුලක් වටා ගෙතෙන සංවේදී කතා තේමාවක් රැගත් මේ චිත්‍රපටයට පවුලේ සැමට එකට වාඩිවී නැරඹිය හැකි සිනමා නිර්මාණයක්.

චිත්‍රපටය නිෂ්පාදනය කළේ වෛද්‍ය ලක්ෂ්මන් මාකදුර සහ කුලරත්න ආරියවංශ විසින්.

ඉතින්,  ප්‍රේක්ෂක ඔබට දැන් ළඟම සිනමා ශාලාවේදී ‘මලකි දුවේ නුඹ’ නරඹන්නට එක් වන්නට පුළුවන්.

තිර ගත වන සිනමා ශලා පිළිබඳ විස්තර 'Malaki Duwe Numba Movie' නිල ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ලබා ගත හැක.

 

598618972 2911560822381021 6231081962925361575 n

 

සබැඳි ලිපි - “මලකි දුවේ නුඹ” ගැන සටහනක් - ලක්මාල් ධර්මරත්න

kemadasa

Back to top
Go to bottom