lan englan tam

පුවත්

අතීතයේ සැගව ගිය සත්‍ය කතාවක්, “සයනයිඩ්” දැන් තිර ගත වේ. (විස්තර මෙන්න)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ත්‍රස්තවාදයෙන් මිය නොගිය මනුශ්‍යත්වය තේමා කරගනිමින් නිර්මාණය වූ අභියෝගාත්මක සිනමා නිර්මාණය "සයනයිඩ්" දැන් දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වෙනවා.

මෙරට උතුරු නැගෙනහිර ප්‍රධාන ඇමතිව සිටි හා ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායකත්වය හෙඹවූ වරදරාජා පෙරුමාල් 2008 වර්ෂයේදී ඉන්දියාවේදී ඝාතනය කිරීම සදහා කරන ලද කුමන්ත්‍රණයක ඔබ නොඇසූ සත්‍ය කතාවක් ඇසුරිනුයි මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකක පටය නරඹන්න පහළින්>>

 

"සයනයිඩ්" චිත්‍රපටය අධ්‍යක්ෂණය හා තිර රචනය සිදු කළේ  නලින් රාජපක්ෂ විසින්.

මෙය ඔහුගේ තුන්වන සිනමා අධ්‍යක්ෂණය වන අතර, මීට පෙර “අඟර දඟර”, “රේන්බෝ” වැනි ප්‍රේක්ෂක ආදරය දිනූ චිත්‍රපට ප්‍රේක්ෂකයාට තිළිණ කළ අධ්‍යක්ෂකවරායා ඔහුයි.

වීඩියෝව නරඹන්න - click here

ඉන්දියාවේදී රූගත කරනු ලැබූ සයනයිඩ්” චිත්‍රපටය නිර්මාණය වන්නේ ලාංකීය මෙන්ම ඉන්දීය නළු නිළියන් හා නිෂ්පාදන ශිල්පීන් රැසකගේ දායකත්යෙන්.

චිත්‍රපටයට රංගනයෙන් - රනීෂ් හේවගේ, රාජා ගනේෂන්, ජගත් ගලප්පත්ති, ගීතා කාන්ති ජයකොඩි, නිෂුලි නෙලිත්මා, ක්‍රිස්ටිනා බිටෝ, සඳුන් බණ්ඩාර, ඇලෙක්සි ප්‍රනාන්දු, අසංක දේවමිත්‍ර, රාජා බාලසූරිය, දුමිඳු කන්නන්ගර... ඇතුළු රංගන ශිල්පීන් රැසක් දායක වී තිබෙනවා.

සිංහල සිනමාවේ කතා නොවුනු අඳුරු අතීතයක නොදුටු පැතිකඩක් පිළිබඳ ප්‍රේක්ෂකයාගේ දෑස් විවර කරන මෙම අභියෝගාත්මක සිනමා නිර්මාණය දැන් ඔබට MPI සිනමා ප්‍රදර්ශන මණ්ඩලය ඇතුලු දිවයින පුරා සිනමා ශාලාවන් හී දී නරඹන්නට පුළුවන්.

මතු දැක්වෙන්නේ “සයනයිඩ්” චිත්‍රපටයට තිර ගත වන සිනමා ශාලාවන් පිළිබඳ විස්තර සටහනකි. (පහත සටහනේ දැක්වෙන සිනමාශාලා වල දුරකථන අංක අමතා නිවැරදිම දර්ශන වේලාවන් දැනගන්න.)

 

607429932 1478764893711319 4255121283500380213 n

 

kemadasa

Back to top
Go to bottom