lan englan tam

පුවත්

හරිස්චන්ද්‍ර පවුලට මොකද වෙන්නේ? “ධර්මයුද්ධය - 2” ජනවාරි 23 විමර්ශන යළි අරඹයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

" හැම මිනිහෙකුටම ලෝක තුනක් තියෙනවා. පළමු වැන්න කෙනෙක් ඇතුළේ තියෙන ලෝකය . දෙවැන්න ඒ කෙනාට පිටින් තියෙන භෞතික ලෝකය . තුන්වැන්න, කලින් ලෝක දෙක අතර තමන් වෙනුවෙන්ම ඒ කෙනා හදාගත් ලෝකය. අන්න ඒ ලෝකය නැතිව කෙනෙකුට ජීවත්වෙන්න බෑ . මට මගේ පවුල තමයි ඒ ලෝකය. එයාලා වෙනුවෙන් මට ඕනෙම දෙයක් කරන්න පුලුවන්. ඕනෑම සීමාවකට යන්න පුළුවන් " ඒ තමයි හරිස්චන්ද්‍ර හිතන විදිය.

2017 වසරේ තිරගත වූ " ධර්ම යුද්ධය " චිත්‍රපටයේ දෙවන දිගහැරුම ලෙසින්  තිරයේ දිග හැරෙන " ධර්මයුද්ධය - 2 "  එළැඹෙන ජනවාරි 23 වන දින සිට තිරගත වීමට නියමිතව ඇත.

 

WhatsApp Image 2026 01 10 at 8.43.37 AM

 

මෙහි  පළමු නිර්මාණය ද මෙරට ආදායම් වාර්තා රැසක් තැබීමට සමත් විය.  එහි ප්‍රධාන චරිතය වන හරිස්චන්ද්‍රගේ භූමිකාවට මුල් කොටසේ ජීවය දුන් ජැක්සන් ඇන්තනි රංගධරයා වෙනුවට , දෙවන කොටසේ එම භූමිකාව බිමල් ජයකොඩි විසින් රඟ දක්වා ඇත. 

 

WhatsApp Image 2026 01 10 at 8.43.37 AM 2

 

මහරාජා මාධ්‍යජාලයේ නිෂ්පාදනයක්  ලෙසින් තිරයට එක්වන "ධර්ම යුද්ධය -2" චිත්‍රපටය අරුණ ජයවර්ධන ගේ  අධ්‍යක්ෂණයක් වන අතර, 

අනුවර්තනීය තිර රචනයෙන් සහ නිර්මාණ සැලසුම්කරණයෙන් සුනෙත් මාලිංග ලොකු හේවා,විධායක නිෂ්පාදනයෙන් යසරත් කමල්සිරි,රේඛීය නිෂ්පාදනයෙන් ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක ,  කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ෂාන් අල්විස් , සහය අධ්‍යක්ෂණයෙන් රන්ජන් ප්‍රසන්න,  නිෂ්පාදන කළමනාකරණයෙන් මොහාන් රාමනායක ,  කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම , අංග රචනයෙන් ප්‍රියංක රත්නායක ,  පසුබිම් සංගීතයෙන් කේෂාන් පෙරේරා , ගී පද රචනයෙන් අංජලී බුදවත්ත ජයවර්ධන  සහ වසන්ත දුක්ගන්නාරාළ ,තේමා ගී තනු නිර්මාණයෙන් රවිහාන්ස් වැටකේපොත,  ගීත ගායනයෙන්  බිමල් ජයකොඩි,  රශ්මිත අභිෂේක විජේරත්න සමගින් ඉෂාක්  තිමති සිල්වා  , ඇඳුම් නිර්මාණයෙන්  නිවර්තනා මාන්නගේ,   විශේෂ ප්‍රයෝග සජීවීකරණයෙන් කසුන් චන්ද්‍රනාත් පතිරණ , නිශ්චල ඡායාරූපකරණයෙන් ඉන්දික මල්ලවාරච්චි, කොණ්ඩා මෝස්තර නිර්මාණයෙන් සන්තුස් නිමේෂ සහ ආලෝකකරණයෙන් අරියරත්න පෙරේරා එක්ව සිටි.

 

WhatsApp Image 2026 01 10 at 8.43.38 AM

 

රංගන දායකත්වයෙන් බිමල් ජයකොඩි, දිල්හානි අශෝකමාලා , තිසුරි යුවනිකා ,  විනුමි වින්සදී , කුසුම් රේණු ,  ඩග්ලස් රණසිංහ ,  කුමාර තිරිමාදුර ,ආනන්ද අතුකෝරාල,  අශාන් ඩයස්,  දිනක්ෂි ප්‍රියසාද්, සනත් ගුණතිලක , මව්ලි ෆර්ඩිනැන්ඩු , නලින් ලුසේනා , කලන ගුණසේකර , බුද්ධදාස විතානාරච්චි,  මැල්කම්  මචාඩෝ , කසුනි කාවින්ද්‍යා,  හර්ෂිකා රත්නායක,   තිලක්ෂණී රත්නායක,  ආරියසේන ගමගේ , ඉරේෂ් ලක්මාල්,  නිරුක්ෂාන් ඒකනායක, ජයරත්න ගලගෙදර  ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසක් මේ සඳහා එක්වී සිටී.

සටහන - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

 

"ධර්මයුද්ධය - 2" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>>

 

kemadasa

Back to top
Go to bottom