lan englan tam

පුවත්

අසම්මත බැඳීමක මිලේච්ඡ කලු පැල්ලම “Room No:106” මාර්තු මාසයේ සිට දිවයින පුරා සිනමාශාලා වලදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මුළු රටම කතා කල, රටම කම්පා කළ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ "Room No:106" නවතම සිනමා නිර්මාණය එළඹෙන මාර්තු මාසයේ සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිත බව නිවේදනය කොට තිබෙනවා.

 

605739141 2925387187665051 8469530232902446432 n

 

මීට රංගනයෙන් බිමල් ජයකොඩි, ඩිස්නි රාජපක්ෂ,කළණ ගුණසේකර, ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, ප්‍රියන්ත සිරිකුමාර, දමිතා අඹේරත්න, නයෝමි තක්ෂලා, ජීවන් සප්ත රංග, ඉෂාන් මෙන්ඩිස්, ධනු ඉන්නසිතම්බි.... වැනි ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් දායක වෙනවා.

"Room No:106"  අධ්‍යක්ෂණය කළේ 'සංජානා', 'රජ හොරු', 'හොරා පොලිස්', 'කිඩ්නැප්', 'ගිනිමල් පොකුරු' "The Game” වැනි චිත්‍රපට රැසක් ප්‍රේක්ෂකයාට තිළිණ කළ ප්‍රවිණ හා ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක සුරංග ද අල්විස් විසින්.

චිත්‍රපටයට තිර රචනයෙන් - සුනෙත් මාලිංග ලොකුහේවා, කැමරා අධ්‍යක්‍ෂණය, සංස්කරණය සහ වර්ණ සංයෝජනයෙන් - ප්‍රවීන් ජයරත්න, සංගීතය සහ ගායනයෙන් - සංඛ දිනෙත්, සහය අධ්‍යක්‍ෂණයෙන් නිරුක්ශාන් ඒකනායක, ශබ්ද නිර්මාණයෙන් - සශින් ගිම්හාන් පෙරේරා චිත්‍රපටයට දායක වී තිබෙනවා.

ඉතින්, එළඹෙන මාර්තු මාසයේ සිට ප්‍රේක්ෂක ඔබට ළඟම සිනමා ශලාවේදී "Room No:106" නරඹන්නට එක් විය හැකියි.

 

"Room No:106” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>

 

kemadasa

Back to top
Go to bottom