ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවිකරණ (animated) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීමට (Mogo Studios)ආයතනය කටයුතු කර තිබෙනවා.
මෙම සජීවීකරණ (Animated) චිත්‍රපටය නම් කර ඇත්තේ "The Secret of the Moonstone" යන නමින්.
මෙහි කතාව ගලා යන්නේ පහත අයුරින්,
අනාගත කොළඹ නගරය පසුබිම් කරගත් මෙම කතාව, ලකී නම් කුඩා පිරිමි ළමයෙකු සහ ඔහුගේ හොඳම මිතුරිය වන ටානියා වටා ගෙතී ඇත.
ඔවුන් දෙදෙනා ලකීගේ මුතුන් මිත්තෙකු වන මහා දෑන මුත්තාට අයත් 'ප්‍රඥාවේ පොත' (Book of Wisdom) නම් අතුරුදහන් වූ කෘතියක් සොයා සොයා ශ්‍රී ලංකාවේ අද්භූත වනාන්තර තුළ ත්‍රාසජනක ගවේෂණයක නිරත වෙති. මෙම පොත 'නිලා' නම් ඉන්ද්‍රජාලික සත්වයෙකු විසින් ආරක්ෂා කරනු ලබයි.
දියුණු තාක්ෂණය සහ අතීත ජනකතා මුසු වූ ලොවක, සිය පැරණි සතුරෙකු වන 'චන්ඩි'ගේ බාධා මධ්‍යයේ, මිත්‍රත්වය සහ ප්‍රඥාවේ උරුමය නැවත ලබා ගැනීම සඳහා සහායකයින් ඒකරාශී කරගනිමින් ඔවුන් යන මේ ගමන ඉතා සංකීර්ණ හා තීරණාත්මක එකක් වෙයි.
පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පිවිසෙන්න පහළින්>>
"The Secret of the Moonstone" සජීවීකරණ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ (Mogo Studios) ආයතනය විසින් වන අතර, එය ශ්‍රී ලංකාවේ විශාලතම සජීවීකරණ චිත්‍රාගාරයයි. එසේම එය මෙරට ප්‍රථම රියල්-ටයිම් (Real-time) විශේෂාංග සජීවීකරණ නිෂ්පාදන සමාගම ද වෙයි.
මෙම චිත්‍රාගාරය ලොව ප්‍රමුඛතම 'මෝෂන් කැප්චර්' (Motion capture) පද්ධතියක් වන Vicon පද්ධතිය ද භාවිත කරන අතර, එමගින් සජීවීකරණ තාක්ෂණයේ පෙරමුණ ගැනීමට ඔවුන් සමත්ව තිබේ.
මූලාශ්‍රය - adaderana















